ෆිරෙන්සේ සමාධි විහාරස්ථානයේ විසිවැනි සංවත්සරික සැමරුම සහ ඉතාලියේ ප්‍රධාන සංඝනායක අක්තපත්‍ර ප්‍රදානෝත


ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අතිපූජ්‍ය මහනායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ කාරක සංඝ සභාව විසින් ඉතාලියේ ෆිරෙන්සේ සමාධි විහාරය සහ ලුක්කා සමාධි විහාරස්ථානය යන උභය විහාරාධිපති ඉතාලියේ සංඝනායක ශාස්ත්‍රපති අතිපූජ්‍ය දොඩම්දෙණියේ නන්දසිරි මහාස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත ප්‍රධාන සංඝනායක ධූරයට අදාළ අක්ත පත්‍ර ප්‍රදානෝත්සවය හා ෆිරෙන්සේ සමාධි විහාරස්ථානය ආරම්භ කොට 20 වසරක් සපිරීමේ පුණ්‍ය මහෝත්සවය 2019 ඔක්තෝබර් මස 27 වැනි ඉරු දින පස්වරු 4.00 (16.00) ට ෆිරෙන්සේ සමාධි විහාරස්ථානයේදී පැවැත්වේ. 


ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ගරු අධිකරණ සංඝ නායක පූජ්‍යපාද මකුලෑවේ විමල නාහිමිපාණන් වහන්සේ ප්‍රධානත්වයෙන්, උත්තරීතර මහා සංඝරත්නයේ හා ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ඉතාලියේ තානාපතිතුමන් ඇතුළු පිංවතුන්ගේ සහභාගීත්වයෙන් සිදු කිරීමට නියමිතය.


වසන්ත ජයවර්ධන 
ෆිරැන්සේ, ඉතාලිය.