ෆිරැන්සේ සමාධි විහාරයේ කඨින පිංකම


 

මෙම ඔක්තෝබර් 14 වැනිදා සෙනසුරාදා සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනයෙන් ආරම්භවූ ඉතාලියේ ෆිරැන්සේ නගරයේ සමාධි විහාරයේ කඨින පිංකම පසුදින උදෑසන ගිලන්පස බුද්ධ පූජාව, හීල් දානය, දහවල් දානය, පැමිණි සියලුදෙනා වෙනුවෙන් වූ බත් දන්සැල අනතුරුව කඨින චීවරය රැගත් පෙරහැර වීදි සංචාරය කර චීවරය පූජා කිරීමෙන් නිම විය. 


සමාධි විහාරාධිපති දොඩංදෙණියේ නන්දසිරි හිමිපාණන්ගේ අනුශාසකත්වයෙන් ලංකාතිලකයේ අරියදම්ම හිමි එදින ආගමික කටයුතු මෙහෙයවූහ. සමාධි විහාරය ආරම්භයේ සිටම පිංකම්වලට සහභාගි වන නැදගමුවේ විජය මෛත්‍රී හිමි ශ්‍රී ලංකාවේ සිට වැඩම කර සිටි අතර සියනා, ලූකා, ඇරෙස්සෝ වැනි දුර බැහැර ප්‍රදේශවල වෙසෙන සමාධි විහාර දායක දායිකා​වෝ බොහෝ පිරිසක් මෙම පුණ්‍යකර්මය සඳහා සහභාගි වූහ. 


වසන්ත ජයවර්ධන 
ෆිරැන්සේ, ඉතාලිය