හැඩ නොදුටු අබරණේ


හිසේ ඇම්ම අමතක කර මොහොතකට 
ගතේ සවිය දිය කර වැලි කතරකට 
අතේ තිබුණු වැඩපල නිම කර සොඳට 
කුසේ ගින්න නැති කර ගමි මොහොතකට 
 
ලැබෙන මුදලින් මට පඩියක් ලෙසට 
රැුගෙන කඩපොලින් කුළු බඩුද නෙක අතට 
බිඳෙන දුහුවිලිත් දහඩිය මගේ ගතට 
පවනක් වුනි ඔබ ළඟ නැති දුකට
 
සාදන විසිතුරු අබරණ මා අතින් 
දාගෙන අඟනුන් හරි සෝබන සිතින් 
කළු ලෝගුවට වැසුනි ඇගේ වත නිතින් 
මා සැදූ ආබරණ නොදු ටිමි මාගේ නෙතින්
 
හැඩ වැඩ දමා මා හැදු ඒ ආබරණේ 
හැඩ දුටු කී දෙනෙක් ඇත් දැයි මේ දෙරණේ 
සැඩ මාරුතය වත් නොදුටුවෙද කළු පොරවණේ 
තෙද ඇති දෙවිඳුන්ට කියමි මේ කාරණේ 
 
පී.බී. රුවන් කුමාර 
අල්. සෝවියන්, ඔනයිෂා, සව්දි අරාබිය.