සෞදියේ පැවැති නිදහස් සමරු ක්‍රිකට් තරගාවලියේ ජය එල්.සී.සී. කණ්ඩායමට


 

ශ්‍රී ලංකාවේ 71 වැනි නිදහස් සමරුවට සමගාමීව සෞදි අරාබියේ නැගෙනහිර පළාතේ සුපර් ලයන් ක්‍රීඩා සමාජය මගින් සංවිධානය කරන ලද චාර්ලස් හාර්ඩින්ග් අනුග්‍රහයෙන් දමාම් එස්.එල්.එස්.සී ක්‍රීඩාංගණයේ පවත්වන ලද මහා ක්‍රිකට් තරගාවලියේ මැක්සි හාඩින්ග් කුසලානය (නවා) නවරත්නම් (AL RAJHI BANK) මහතා​ගේ නායකත්වයෙන් යුත් දමාම් එස්.එල්.සීසී කණ්ඩායම විසින් දිනාගන්නා ලදී. ක්‍රීඩා කණ්ඩායම් අටකින් සමන්විත වූ මෙම මහා ක්‍රිකට් තරගාවලිය සඳහා දමාම් සුපර් ලයන්, ෆයිටස් අරබ් ලන්කා, ඊස්ටන් රයිඩස්, රියල් ලයන්ස්, දල්ලා කින්ග්, එස්.එල්.සී.සී. බ්ලැක් ඊගල්ස් යන කණ්ඩායම් සහභාගි වූහ. 


මෙම නිදහස් සැමරුම් තරගාවලියේ චාර්ලස් හාර්ඩින්ග් අනුග්‍රාහකත්වයෙන් යුත් මැක්සි හාර්ඩින්ග් කුසලානය එස්.එල්.සී.සී. කණ්ඩායම විසින් දිනාගත් අතර හොඳම පන්දු යවන්නාට හිමි ශූරතාව එස්.එල්.සී.සී. කණ්ඩායමේ ශිපාන් දිනාගන්නා ලදී. නැගෙනහිර පළාත ඉන්දික වීරසිංහ මහතාගේ මනා මගපෙන්වීම සහ දායකත්වය මත මෙම නිදහස් සැමරුම් තරගාවලිය පසුගිය සිකුරාදා අති සාර්ථකත්වයෙන් පැවැත්වූයේ විශාල දෙස් විදෙස් ප්‍රේක්ෂකයන්ගේ සහභාගීත්වයෙනි. 


ලලිත් ප්‍රේමලාල් - දමාම්, සෞදි අරාබිය