සෞදි දමාම් සුපර් ලයන් ක්‍රීඩා සමාජයේ කුසලතා අගැයීම් ත්‍යාග ප්‍රදානෝත්සවය


 

සෞදි අරාබියේ නැගෙනහිර පළාත දමාම් ‘සුපර් ලයන්’ ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කරන ලද වාර්ෂික කුසලතා ඇගයීමේ සංවාත්සරික උත්සවය පසුගිය සිකුරාදා දමාම් රෝස රෙස්ටුරන් උත්සව ශාලාවේදී උත්සව ශ්‍රීයෙන් පැවැත්විණ.   


2015 වසරේදී ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙක් වන ලාල් ප්‍රදීප් මහතා මෙහෙයවමින් ආරම්භ කරන ලද මෙම සුපර් ලයන් ක්‍රීඩා සමාජය මේ වනවිට ශ්‍රී ලාංකික දක්ෂ ක්‍රීඩකයින් 21 දෙනෙකුගෙන් සමන්විත වන අතර සෞදි අරාබියේ නැගෙනහිර කලාපය පුරා ක්‍රිකට් තරගාවලි විශාල සංඛ්‍යාවකටම සහභාගි වෙමින් ජයග්‍රහණ කිහිපයකටම හිමිකම් කියා ඇත. මෙම ක්‍රීඩා කණ්ඩායමේ ප්‍රධාන උපදේශක වශයෙන් ඉන්දික වීරසිංහ මහතා මනා දායකත්වයක් ලබාදීම සිදු කරයි.   


විශේෂයෙන්ම පසුගිය සිකුරාදා (28 දෙසැම්බර්) පැවති සාංවත්සරික ත්‍යාග උත්සවය මගින් මෙම සුපර් ලයන් ක්‍රීඩා සමාජයේ 2018 වසරේ විවිධ දක්ෂතා දැක්වූ සියලුම ක්‍රීඩකයින් වෙත කුසලාන සහ සහතික පත් ප්‍රදානය කෙරුණු අතර 2018 වසරේ හොඳම පිතිකරු ලෙස වී.එස්. ඉලයරාජ්, හොඳම පන්දු යවන්නා ලෙස එච්.එස්. දනුෂ්ක මහතා ද හොඳම පන්දු යවන්නා ලෙස ඇන්තනි නිරෝෂන් මහතා ද වසරේ නැගී එන ක්‍රීඩකයා ලෙස මොහොමඩ් ෆර්හාන් මහතාද තිළිණ ලබාගත් අතර හොඳම කළමනාකාරිත්වය සඳහා ලාල් ප්‍රදීප් මහතා ද හොඳම නායකත්වය සඳහා එච්.එස් දනුෂ්ක මහතා විසින් හිමිකර ගන්නා ලද අතර සාමාජිකයින්හට ලැබිය හැකි ඉහලම සම්මානය වන විශේෂ ඇගයීම් සම්මානය හිමිවූයේ ප්‍රධාන උපදේශක ඉන්දික වීරසිංහ මහතාටය. කෙසේ වුව ද ක්‍රීඩා සමාජයේ විවිධ අයුරින් විවිධ දස්කම් පෑ සියලුම ක්‍රීඩකයින් හට සහතික පත් පිරිනැමීමද මෙදින සිදුවිය   

 


ලලිත් ප්‍රේමලාල්