සෞදි අරාබියේ දමාම් SLCC සමර් කුසලානය ටැමිල් යුනියන් කණ්ඩායමට


 

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ (NSB) ප්‍රධාන අනුග්‍රාහකත්වය සහ EXPRESS MONEY, GOLDEM DISING . පිසි කාර්ගෝ සහ FRENDLY MOBOILE යන ආයතනවල සම අනුග්‍රාහකත්වයෙන් සෞදි අරාබියේ නැගෙනහිර පළාත දමාම් එස්.එල්. සිසි ක්‍රීඩා සමාජයේ පස් වැනි වාර්ෂික සංවත්සරය වෙනුවෙන් පසුගියදා අල් රාකා ක්‍රීඩාංගණයේ පවත්වන ලද අට සාමාජික පන්දු වාර හය සහ ඕවර පහ බැගින්වූ මෙම මහා ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රහණය තමිල් යුනියන් කණ්ඩායම විසින් ලබා ගන්නා ලදී.   


මෙම තරගාවලිය ආරම්භ වීමට ප්‍රථම පසුගියදා ශ්‍රී ලංකාවේ ඇතිවූ ම්ලේච්ඡ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් මියගිය හෝ තුවාල ලැබූ සියලුම ජනතාව වෙනුවෙන් විනාඩි තුනක නිශ්ශබ්දතාවයක් පැවති අතර අමානුෂික ත්‍රස්තවාදී ප්‍රහාරයය හෙළා දැකීම සහ විරෝධය පෑම උදෙසා සියලුම ක්‍රීඩකයින් තම  බාහුවේ කළු පටියක් පැළද ක්‍රීඩා කිරීමද විශේෂිත විය.   


දමාම් එස් එල් සි සි ක්‍රීඩා සමාජයේ කළමනාකරු එම්. නවරත්නම් (නවා) මහතාගේ පූර්ණ අධික්ෂණය යටතේ සංවිධානය කරන ලද මෙම මහා ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩා කණ්ඩායම් 16ක ක්‍රීඩකයින් සහභාගිවූ අතර ශ්‍රී ලාංකික නොවන වීදේශික ක්‍රීඩකයින් දෙදෙනෙකු ඇතුළුව එක් ක්‍රීඩා කණ්ඩායමකට අට දෙනෙකු බැගින් මෙම තරගාවලිය සඳහා අවස්ථාව ලබාදී තිබිණ.   


අර්ධ අවසන් පූර්ව තරගය සදහා ටැමිල් යුනියන්, ඇරැබ් ලංකා SLCC DAMMAM, රියල් ලයන්ස් තරග වැදීමෙන් අනතුරුව අර්ධ අවසන් තරගයේ පළමු වටය සඳහා තේරී පත්වූ ටැමිල් යුනියන් සහ රියල් ලංකා පිටියට පිවිස තරග වැදීමෙන් ටැමිල් යුනියන් කණ්ඩායමේ රිෆ්ති ක්‍රීඩකයා විසින් අවසන් පූර්ව තරගය දක්වා ගෙනයන ලද්දේ තම පෞද්ගලික දක්ෂතාවය මොනවට පැහැදිලි කරමිනි. ඒ අතර දෙවැනි අර්ධ අවසන් තරගය සඳහා එස් එල් සිසි සහ ඇරැබ් ලංකා තරග වැදුන අතර අසාම්ගෙන් ලද තියුණු පිතිහරඹය නිසාම ඇරැබ් ලංකා අවසන් වටය සඳහා සුදුසුකම් ලබා ගන්නා ලදී.   

 

 


අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබූ ටැමිල් යුනියන් කණ්ඩායම සහ ඇරැබ් ලංකා පිටියට පිවිසෙමින් කාසියේ වාසිය ලබා ගත් ටැමිල් යුනියන් කණ්ඩායමේ නායක මොහොමඞ් රිපති විසින් පළමුව පන්දුවට පහර දීමේ අවස්ථව තම කණ්ඩායමට උදාකර ගන්නා ලදී. ඒ අනුව පන්දු ඕවර 5 ඇතුළත කඩොලු 4 ක් පමණක් දැවී අගනා ලකුණු 64 ක් ලබා ගන්න ලද්දේ මොහොමඞ් නජාත්ගේ පෞද්ගලික ලකුණු 41 සමගය. පන්දුවට පහර දීමට පිටියට පිවිසි ප්‍රතිවාදී ඇරැබ් ලංකා කණ්ඩායමට අබියෝගයක්ව තිබු ලකුණු 64 ඉලක්කය හඹා ගියද පන්දු ඕවර 5 තුළදී කඩුලු 6 ක් දැවී ලබා ගත හැකිවුයේ ලකුණු 41 ක් පමණි ඒ අනුව SLCC DAMMAM ක්‍රීඩා සමාජය මගින් පවත්වන ලද තරගාවලි දෙකකදීම (2018 සහ 2019)නොකඩවා දෙවරක් ජයග්‍රහණ අත්පත් කර ගැනීමට ටැමිල් යුනියන් කණ්ඩායම සමත්වීම විශේෂිත විය. ඒ අනුව ඇරැබ් ලංකා කණ්ඩායම අනුශුරතාවය හිමි කරගන්නා ලදී.   


මෙම තරගාවලියේ හොඳම පන්දු යවන්නා ලෙසSLCC DAMMAM කණ්ඩායමේ ශිපාන් හිම කරගත් අතර හොදම පිතිකරු ලෙස ටැමිල් යුනියන් කණ්ඩායමේ රිෆ්ති විසින්ද තරගාවලයේ වීරයා ලෙස නැවතත් රිෆ්ති විසින්ද අවසන් මහා තරගයේ වීරයා ලෙස මොහොමඞ් නජාත් විසින්ද හොඳම පන්දු රකින්නා ලෙස SLCC DAMMAM කණ්ඩායමේ රාජ් කුමාර්ද හිමි කර ගන්නා ලදී.   


මෙම මහා තරගාවලියේ ජයග්‍රාහක කණ්ඩායමට සහ දක්ෂතා පෙන්වූ සියලුම ක්‍රීඩකයින් හට කුසලාන ප්‍රදානය කිරීම තව්විල් අල් රාජි බැංකුවේ නැගෙනහිර කලාපීය කළමනාකාර අබ්දුල්ලා සාලේ අල්ගම්දි මහතා සහ ශාඛා කළමනාකාර හයිතම් සම්රාන් සල්මාන් අල් ෆර්හාන් මහතා විසින් සිදු කරන ලදී. මාධ්‍ය ආවරණය ඉරිදා ලංකාදීප වෙතින් ලබාදෙන ලදී.   

 


ලලිත් ප්‍රේමලාල්   
දමාම්සිට