සෝම සමිඳු සිහිකර...


ගරුතර සෝම සමිඳුන්ගේ අපවතට   
වසර පහළොවකි එම අමිහිරි දිනට   
සිදුවුණු විපත ඒ සිරිලක බුදු පුතුට   
අද දැනෙනවා හොඳටම බොදු සිත්වලට   
 
ආගම දහම රට ජාතිය පිරිහීම   
මත් වතුරට තරුණ දරුවන් යොමුවීම   
අද පවතින රට තුළ ඇති කැළඹීම   
දෙසුවා හඬ නගා ගරු හිමියන් සෝම   
 
සිංහල ජාතියට අපේ බොදු ආගමට   
සියපණ දෙවැනි කොට සලකා අගේ කොට   
නැගුවත් හඬක් බොදු ආගම රැකීමට   
අද පත්වෙලා සමිඳුනි ර​ට විනාසෙට   
 
නොබලා වෙහෙස වඩමින් ගමකට සැම   
බෙදුවා සද්දහම කරුණාවෙන් බෝම   
අගයමි දෙසු සම්බුදු බණ හැමදාම   
යළි ඉපදෙන්න ලක්බිම සමිඳුනි සෝම   
 
අප මහ පඬිරුවන බොදු ජාතියේ හෙළ   
අකුසල කර්මෙකින් පෙර අත් බවේ කළ   
අකලට පරවුණා සුවදැති දහම් මල   
පින්​දෙමි ලැබෙන්නට අම මහ නිවන් පල   
 
 
 
ප්‍රේමා කංකානම්ගේ,  රෝමය.