සාන්ත ආගතා මුනිතුමියට තුති පිදීමේ මංගල්‍යය 16 වැනි වරටත් කතානියා නගරයේදී


 

කතානියා නගරයේ ආරක්ෂිකාව වන සාන්ත ආගතා මුනිතුමිය වෙනුවෙන් එතුමියට තුති පිදීම සඳහා ශ්‍රී ලාංකික කිතුණු ජනතාව විසින් වාර්ෂිකව පවත්වන මහා මංගල්‍යය 16 වැනි වරටත් සැප්තැම්බර් මස 22 වැනි ඉරුදින උත්කර්ෂවත් ලෙස පැවැත් වූහ.  


 කතානියා අධ්‍යාත්මික පියතුමා වන ගරු මයිකල් කැනීෂියුස් පියතුමාගේ සහ දේවස්ථාන සේවක මණ්ඩලය මගින් සංවිධානය කරන ලද මෙම මංගල්‍යය දිව්‍ය පූජාව රොමයේ වෙසෙන ශ්‍රී ලංකික ශ්‍රම සම්බන්ධිකරණ අතිගරු නෙවිල් ජෝ පෙරේරා මාහිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ අතර මෙසිනා, සිරකුසා, කල්තජිරෝනෙ, පලෙර්මෝ යන සිසිලියේ ප්‍රධාන නගරවලින් සහ සෙසු නගරවලින් ද මීසම් භාර පියතුමන්ලා සහ ජනතාව සහභාගී වූහ.   


අයහපත් කාලගුණයක් පැවතිය ද, මෙදින කාලගුණ තත්ත්වය යහපත් අතට පත්වීම ගැන ආගතා මුනිතුමියට ස්තුති කරන අතරම එම උතුම් මොහොතට අප හා එක්වුන සියලුම දෙනාට කතානියා අධ්‍යාත්මික පියතුමා වන ගරු මයිකල් කැනීෂියස් පියතුමාගේ සහ කතානියා දේවස්ථාන දායක මණ්ඩලයේ ගෞරවනීය ස්තුතිය මෙසේ පුද දෙමි.   

 


කාන්ති රතුගම   
කතානියා.