සයිප්‍රසයේ නිකෝසියා නගරයේ ශ්‍රී ලාංකික කොන්සල් ජනරල් කාර්යාලයක් ස්ථාපිත වෙයි


 

අප මව්බිම ප්‍රධාන ආදායම විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ලැබෙන විදේශ විනිමය බව නොරහසකි. සයිප්‍රස් රාජ්‍ය 1963 සිට ශ්‍රී ලංකාව සමග රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කරගෙන තිබූ බවත් හැඳින්වේ. දශක 4ක් තිස්සේ ලාංකිකයින් මෙරටට පැමිණෙමින් මෙහි සේවයෙහි නියැලෙති. බොහෝ කලක පටන් කොන්සල් ජනරල් කාර්යාලයක අවශ්‍යතාව ගැන ඉල්ලීම්වල ප්‍රතිඵලයකි. කෙසේ වෙතත් ප්‍රථම වතාවට මෙරට රජය ද ලංකා රජය ද මැදිහත්වීම මත විදේශ සේවා නියුක්ති කාර්්‍යාංශය සහ විදේශ රැකියා අමාත්‍යාංශය සහයෝගයෙන් මෙම කොන්සුල් ජනරල් කාර්යාලය 2019.2.28 වැනි දින විවෘත කරන ලදී.   


මෙහිදී මෙම උත්සවය වෙනුවෙන් පැමිණි ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය තිලක් මාරපන මැතිතුමාට සයිප්‍රස් ජනාධිපති නිකෝස් ඇනස්තාසි මහතා සමග ප්‍රධාන ප්‍රශ්න සාකච්ඡා කිරීමට හැකිවූ අතර කම්කරු සුබසාධන හා සමාජ අාර්ථික ඇමතිනි ශීතා ඉම්ලියානිඩො මහත්මිය හමුවී සාකච්ඡා කිරීමට හැකි විය. මෙහිදී අප ශ්‍රමිකයන්ගේ ප්‍රධාන ගැටලු ලෙස සමාජ ආක්ෂණ රක්ෂණ මුදල, රැකියා අවස්ථා පුළුල් කිරීම, ගෘහ සේවා රැකියාවට අමතරව ​​ඉගෙනීම සහ හැකියාවන් අනුව රැකියා ලබාදීම, දැනට යුරෝ 309ක් වන ගෘහ සේවා වේතනය (පඩි) පිළිබඳව සංශෝධනය කර පඩි වැඩි කර ගැනීමට ද සාකච්ඡා කොට ඇත. ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති දයා පැල්පොල මහතා ද ඊට එක්විය.   


ඊට අමතරව දෙරට අතර සබඳතා පුළුල් කර ගැනීමේ බලාපොරොත්තුවෙන් වෙළෙඳාම, ආයෝජන, ආර්ථික කටයුතු සම්බන්ධව සහයෝගීතාව වැඩිකර නව ද්වීපාක්ෂික ගිවිසුම්වලට එළඹීමට යෝජනා කර ගෙන ඇත. මෙම විශේෂ අවස්ථාවට සයිප්‍රසයේ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් විශාල පිරිසක් සහභාගි වූහ.  


ආගමික සහජීවනය සංකේතවත් කරමින් කැලණිය වේවැල්දූව ශ්‍රී නාගරුක්ඛාරාම, සයිප්‍රසයේ ශ්‍රී ලංකාරාම යන උභය විහාරාධිපති සයිප්‍රස් ප්‍රධාන සංඝනායක ගරුතර මොරවක සෝරත නායක ස්වාමීන් වහන්සේ සහ අසපුවේ ගරුතර සෙවණගල උදිතනන්ද ස්වාමීන් වහන්සේ ද හින්දු හා ක්‍රිස්තියානි ආගම් නි​ෙයා්ජනය ද කතෝලික ආගම වෙනුවෙන් සුනීතා සහ ඇජලා ගරු සොයුරියන් ද සයිප්‍රස් විදේශ කටයුතු ඇමති නිකොස් ක්‍රිස්ටොඩුලීඩ්ස් මහතා ඇතුළු සයිප්‍රසය තුළ රටවල් 35ක් නි​ෙයා්ජනය කරමින් තානාපතිවරු ද 50කට අධික විදේශ රැකියා ඒජන්තවරු රජයේ උසස් නිලධාරීන් ද නිකෝසියා නගරයේ නගරාධිපති ද පොලිසිය ද සහභාගි වූහ. තවද මෙරට සියලු නගර නියෝජනය කරමින් මෙහි වෙසෙන ශ්‍රී ලාංකික ජනතාව ද බොහෝ පිරිසක් රැස්ව සිටියහ. රාජ්‍ය නොවන සංවිධාන ද මෙරට ප්‍රධාන මාධ්‍ය හා රූපවාහිනි නාලිකා ද විය.   


සම්ප්‍රදායානුකූලව පොල්තෙල් පහන් දල්වා ආගම සිහිකොට ජාතික ධජ ඔසවා ලංකා මාතාවගේ අනන්‍යතාව පිළිබිඹු කරමින් ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්වූ මෙම උත්සවය අලංකාර කිරීමට නර්තන රංගයක් ද විය.   


මෙම කොන්සුල් ජනරල් කාර්යාලයේ සේවාව ලබාගැනීමට සතියේ​ දින 5ම විවෘතව ඇති අතර නව කොන්සුල් ජනරල්තුමා වන රෝහන අඹගොල්ල මහතා ඇතුළු සේවක මණ්ඩලය වෙත ඔබගේ සේවා ස්ථානයේ ඇතිවන නෛතික ගැටලු විසඳමින් ඔබට සහන සැළසීමට සැදී පැහැදී සිටින බවත් ලංකාවෙන් පිටත් වීමේ දී පටන් ඔබ විදේශ සේවා නියුක්ති කාර්යාලයේ ලියාපදිංචිව නීත්‍යානුකූලවම කටයුතු කළයුතු බවත් තැරැව්කාරයන්ගෙන් පරෙස්සම් වන ලෙසත් රෝහන අඹ​ෙගාල්ල මහතා ඉල්ලා සිටි අතර ඉදිරියේ දී මෙහි සේවයෙහි නියුතු ලාංකිකයින් වෙනුවෙන් මෙම කාර්යාලය හරහා විවිධ සහන හා රැකියාවෙහි ප්‍රතිලාභ ලබාදීමට මැදිහත්වී කටයුතු කරන බව සඳහන් කළේය.   


මෙම කාර්යාලය විවෘත කිරීමට පියවර ගැනීම පිළිබඳව ශ්‍රී ලංකා සහ සයිප්‍රස් රාජ්‍යයන්ට විශේෂයෙන් ස්තූති කරන බව අඹගොල්ල මහතා සඳහන් කළේය. 

 

 

 


විමලා යාපා  
සයිප්‍රස් සිට