සකුරා මල් පිපෙන ජපානයේ වෙසක් සිරි


 

ජපානයේ දකුණු පළාතේ ක්යුෂු (Kyushu) දූපතේ සැන්ග්-කෙන් (Sang-Ken) දිස්ත්‍රික්කයේ මයෝහොජි (Myohoji) මහා විහාරය එම දූපතේ පිහිටා තිබෙන ලොකුම විහාරයයි. කන්දක් පුරා මෙම විහාරය පිහිටා ඇත. මෙම වර්ෂයේ වෙසක් පිංකම සකුරා මල් හට ගැනීමත් සමඟින් 'Vesak Matsuri' නමින් ජපානයේ මහා වෙසක් පිංකම සිදුකරති. මයෝහොජි විහාරයේ නායක හිමි උෂියෝ නිස්ෂු හිමියන්ගේ ප්‍රධානත්වයෙන් භික්ෂු භික්ෂුණීන් ඇතුළු ජපන් ජාතික බෞද්ධ සිංහල විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම වෙසක් පිංකම සිදු කළහ.   


මේ සඳහා ශ්‍රී ලංකාවේ සිට වැඩම කළ ඉතාලියේ ප්‍රධාන සංඝනායක ඉතාලි ඒකාබද්ධ සිංහල සංවිධානයේ සභාපති පූජ්‍යපාද දඹදෙණියේ ධම්මාරාම නාහිමිපාණන් වහන්සේ විසින් මෙම මහෝත්සවයේදී ඉතාමත් හරවත් දේශනයක් ද පවත්වන ලදී. තවද මෙහි විශේෂිත දර්ශනයක් වූ සිද්ධාර්ථ කුමරුන්ගේ පිළිරුවක් අලියකු මත තැන්පත් කර ඖෂධ පැන්වලින් එම පිළිරුව නාවන ලදී. ජපන් ජාතිකයින් පවසන්නේ මෙම ක්‍රියාවෙන් සියලු දෙනාටම නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන බවයි.  


මෙම ලිපිය සකස් කරගැනීමට මෙම අනගි අවස්ථාවට සහභාගි වී ජපානයේ සිට විස්තර සහ ඡායාරූප ලබාදුන් ඉතාලියේ ප්‍රධාන සංඝනායක පූජ්‍යපාද ධම්මාරාම ස්වාමීන් වහන්සේට නමස්කාරයෙන් යුතුව පින් ප්‍රාර්ථනා කරමි.  

 

 

 

 

 

 

 


ප්‍රේමා කංකානම්ගේ,  රෝමය.