සංහිඳියාව සහජීවනය හා සාමය උදා වේවායි ආශිර්වාද කරන සර්ව ධර්ම භක්ති ගී


ලෝකයේ ප්‍රධාන ධර්මයන් වන බුද්ධ ක්‍රිස්තු හින්දු ඉස්ලාම් සෞරාෂ්ට්‍ර යන ධර්මයන්වල සියලුම අතිඋතුම් ශාස්තෘන්වහන්සේ යහපත් දේ සිදුකරන ලෙසත් අයහපත් දේ සිදුනොකරන ලෙසත් වදාළ සේක. 


 මිනිසා ධර්ම ධර්මයෙන් ඈත්වීමත් හා සත්‍යය, ධර්ම, ශාන්ති, ප්‍රේම, අවිහිංසා යන පස්වැදෑරුම් මානව ගුණධර්මවලට ගරු නොකිරීමත් සංහිඳියාව සහජීවනය හා සාමය උදාවීමට බාධාවක් වී ඇත. 


 උතුම් මනුෂ්‍යත්වය ලබා ඇති සියලු දෙනා තමන් කැමති ධර්මයක අවංක නියම හොඳ බැතිමතෙකු ලෙස ක්‍රියාත්මක වීම හා පස්වැදෑරුම් මානව ගුණධර්මවලට ගරු කිරීමෙන් තමන්ටත් ලෝකවාසී ජනතාවටත් යහපතක්ම සිදුවන බව ස්ථිරය. 


ඔබ බෞද්ධයෙක් නම් වඩාත් හොඳ බෞද්ධයකු වන්න. 


ඔබ ක්‍රිස්තු භක්තිකයෙක් නම් වඩාත් හොඳ ක්‍රිස්තු භක්තිකයෙකු වන්න. 


ඔබ ඉස්ලාම් භක්තිකයකු නම් වඩාත් හොඳ ඉස්ලාම් භක්තිකයකු වන්න. 


ඔබ හින්දු භක්තිකයෙක් නම් වඩාත් හොඳ හින්දු භක්තිකයකු වන්න. 


ඔබ සෞරාෂ්ට්‍ර භක්තිකයෙකු නම් වඩාත් හොඳ සෞරාෂ්ට්‍ර භක්තිකයෙකු වන්න. 


 සර්ව ධර්ම භක්ති ගී ගායනා කිරීම හෝ සර්ව ධර්ම භක්ති ගීවලට සවන් දීම සංහිඳියාව සහජීවනය හා සාමයට ආශිර්වාදයක් වන බව ස්ථිරය. 


 පැරිස් බෞද්ධ විහාරයේ විහාරාධිපති ගරු පූජ්‍ය ශාස්ත්‍රපති කෝන්ගස්දෙණියේ ආනන්ද නායක හිමිපාණන්ගේ අනුශාසකත්වයෙන් හා නදියා ගුණසේකර (Sorbon University Paris 4/ faculte of Science - Paris Sud) විසින් පද රචනය වූ ‘‘බුද්ධධර්ම සංඝ සරණ පතමු සැවොම එක් වෙලා’’ ගීතය බුදු, කිතු, නබි, ශිව, සෞරාෂ්ට්‍ර හා ජයන්ත ගුණසේකරයන්ගේ ජේසු බිළිඳු ඉපදුණා දිළිඳු ගව ලෙනේ ගී ඇතුළුව සර්ව ධර්ම භක්ති ගී 10ක සහ සාමයේ ගීත දෙකක් වන නදියා ගුණසේකරගේ J' taime (I love) Sri Lanka සහ ජයන්ත ගුණසේකරගේ Best Commander යන ගීත සිංහල දමිළ හින්දි ප්‍රංශ හා ඉංග්‍රීසි යන භාෂාවලින් ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ගායක ගායිකාවන් පිරිසකගේ සහභාගිත්වයෙන් ගායනා කිරීමට නියමිතව ඇති අතර මෙම සියලු ගීත ශ්‍රී ලාංකික ජනතාවට නොමිලයේ සවන්දීමට සලස්වන බව සතුටින් දන්වමු. 


 ප්‍රංශයේ සංඝනායක පැරිස් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති ගරු පූජ්‍ය පරවාහැර චන්ද්‍රරතන නායක හිමිපාණන්ගේ අනුශාසකත්වයෙන් ප්‍රංශයේ I.O.M ආයතනයේ උපදේශක දමිත් ද සිල්වා හා ජයන්ත ගුණසේකරගේ සමාජ සේවා සම්බන්ධීකරණයෙන් ශ්‍රී ලංකා ගී රැජිණ කලාශූරී ලතා වල්පොල උපහාර ප්‍රසංගය 2009 නොවැම්බර් 23 දින Paris Madalin Plazza ශාලාවේදී පැවැත්වූ අතර බුද්ධ ධම්ම සංඝ සරණ ගීතය ඇතුළුව සර්ව ධර්ම භක්ති ගී කීපයක් පැරීසියේ දී ප්‍රථමවරට ලතා, ජයන්ත, සුනෙත්, ගයත්‍රී, රමේෂ් හා නිලූෂි (United Kids International France) යන ගායක ගායිකාවන් විසින් ගායනා කරන ලදී. 


ලතා උපහාර ප්‍රසංගයට සමගාමීව පැවැත්වූ ආබාධිත පුද්ගලයන් සඳහා රෝද පුටු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළ අතර විශේෂත්වය වන්නේ ප්‍රංශයේ වෙසෙන සිංහල දමිළ මුස්ලිම් හා බර්ගර් යන ශ්‍රී ලාංකික පරිත්‍යාගශීලීන් විසින් අාබාධිත පුද්ගලයින් සඳහා කොමොඩ් පහසුකම් සහිත රෝදපුටු විසිතුනක් පරිත්‍යාග කිරීමයි. 


පරවාහැර චන්ද්‍රරතන නායක හිමියන්ගේ අනුශාසකත්වයෙන් ආබාධිත රණවිරුවන් අට දෙනෙකුට හා තවත් ආබාධිත පුද්ගලයින් පසළොස් දෙනෙකුට ශ්‍රී ලංකාවේදී එම රෝදපුටු භාර දෙන ලදී. 


 මෙම ‘‘සර්ව ධර්ම භක්ති ගී’’ වල තේරුම් කෙටියෙන් පහත සඳහන් කරමු. 


ලොව ඇත්තේ එකම ධර්මයකි. එනම් මෛත්‍රීයයි. 


ලොව ඇත්තේ එකම ජාතියකි. එනම් මනුෂ්‍ය ජාතියයි. 


ලොව ඇත්තේ එකම භාෂාවකි. එනම් හදවතේ භාෂාවයි. 


ලොව ඇත්තේ එකම නීතියකි. එනම් කර්මයයි. 


ලොව ඇත්තේ එකම දෙවි කෙනෙකි. එවම සර්ව ව්‍යාපීයි.


 ‘‘සියලු ධර්මයන්ට ගරු කරන්න’’ 


 ‘‘අනුන්ගේ වැරදි දහසක් සොයනවාට වඩා තමන්ගේ එක් වරදක් සාදාගන්න’’ 


 ‘‘මිනිසාට සේවය කිරීම දෙවියන්ට හෝ තමන්ගේ ප්‍රශංසා වහන්සේ ශාස්තෘන් වහන්සේට කරන සේවාවක් හා සමානය’

’ 
 ‘‘සැමට මෛත්‍රී කරන්න සැමට සේවය කරන්න’’ 


තමන් හා ශ්‍රී ලංකාව ඇතුළු ලෝකවාසී ජනතාව වෙනුවෙන් උදෑසන අවදි වී සංහිඳියාව සහජීවනය හා සාමය උදාවේවායි! යන උතුම් ප්‍රාර්ථනාව හා භාවනාව තමන් නිදාගත් පැදුර හෝ ඇඳේ සිට මෙසේ සිදු කරන්න. 


1. තමන් කැමති ධර්මයට අනුව භාවනා කිරීම විනාඩි දෙකක් සිදුකරන්න. උදාහරණ ‘‘සබ්බේ සත්තා බවන්තු සුඛිතත්තා’’ (මෛත්‍රී භාවනාවේ යෙදෙන්න) 

2. සුනාමි, භූමි කම්පා, සුළිසුළං කුණාටු, ගිනි උවදුරු, ජලගැලීම්, වාහන අනතුරු ත්‍රස්තවාදී ක්‍රියා හෝ කිසිම ස්වාභාවික විපතක් සියලු සත්වයන්ට කරදරයක් අනතුරක් සිදු නොවේවා! ත්‍රස්තවාදය ලොවින් තුරන්ව ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ සියලු රටවලට අවංක සමාජ සේවාවක් හැටියට පමණක් කටයුතු කළ හැකි දේශපාලනඥයන් පමණක් බිහි වේවා! 


‘‘බුද්ධ ධම්ම සංඝ සරණ’’ ගීතය හා ‘‘ජේසු බිළිඳු ඉපදුනා’’ ගීත පහත සඳහන් කරමු. 


ලංකා සංගීත ක්ෂේත්‍රයට විශාල සේවාවක් සිදුකළ කලාශූරී ලතා වල්පොල මහත්මියගේ හා ප්‍රංශයේ සමාජ සේවයේ යෙදෙන රංජනී ද සිල්වා මහත්මියගේ නොවැම්බර්

එකොළොස් වන දිනට යෙදෙන ජන්ම දිනයට සුබ උපන්දිනයක් හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමු! 


‘‘බුද්ධ ධම්ම සංඝ සරණ පතමු සැවොම එක් වෙලා’’ 


 අනුශාසනාව : පැරිස් බෞද්ධ විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය කෝන්ගස්දෙණියේ ආනන්ද හිමි. 


පද රචනය : නදියා ගුණසේකර (University Sorborne Paris 4/ faculty of Science Paris - Sud) 


සංගීතය : ගායනා හා වාද්‍ය විශාරද ජී.ඵ්. චිත්‍ර නයනා (ජ්‍යෙෂ්ඨ සංගීත කථිකාචාර්ය කැලණිය විශ්වවිද්‍යාලය) 


තනුව : ජනාධිපති හා සරසවි සම්මානලාභී කාලෝ විජේසිරි.  


බුද්ධ ධම්ම සංඝ සරණ පතමු සැවොම එක් වෙලා සර්ව ධර්ම ගරු කරමින් ලොවට සාමෙ පතාලා මෛත්‍රී සව් සතට දෙසුව බුදුපියාණෙනි බුදුපියාණනි// 


සංගීතය................ 


එකම සමය මෛත්‍රීය බව එකම දැයක් මිනිසුන් බව දෑ කුල ආබේද සැවොම දුරුකරන්න දම් දෙසූ බුදුපියාණනි බුදු පියාණනි 


බුද්ධ ධම්ම සංඝ සරණ........... 


 සංගීතය............... 


ශාන්ති ප්‍රේම විශ්ව ධර්ම මානව ගුණදම් අගයන සැම ආගම් ගරු කරමින් නිතර සැමට පිහිට වෙමින ​ෙ​ෙමත්‍රීය පතුරුවන ලෙසට දෙසුව උතුමනේ බුදුපියාණනි දෙසුව උතුමනේ බුදුපියාණනි 


බුද්ධ ධම්ම සංඝ සරණ.......  


‘‘ජේසු බිලිඳු ඉපදුන දිළිඳු ගව ලෙනේ’’ 


අනුශාසනාව : ගරු සුරේන් පාරිස් පියතුමා (දේවස්ථානය Paris 8) 


පද රචනය : ජයන්ත ගුණසේකර (Jazz - Cola International, France) 


තනුව හා සංගීතය : සහෝදර දිනේෂ් සමඟ සහෝදර ආසිරි 


ගායනය : Jazz - Cola International with popular singers  


ජේසු බිළිඳු ඉපදුනා දිළිඳු ගව ලෙනේ 
සාම කුමරු රජ උනා ප්‍රීති නත්තලේ

 
සංගීතය................... 


 පාපයෙන් මිදෙන ලෙසට ඔවදන් දුන්නා 

සාමයෙන් සිටින ලෙස ද නිතර සිහි කළා 

අනුන්ගේ වැරදි සොයනු එපා 

තමන්ගේ වැරදි හදා ගනු කියලා දුන්නා 

ජේසු බිළිඳු ඉපදුනා// 

නීතිගරුක වන්න ධාර්මික වන්න 

කිසිවිටෙකත් රිදවන්න එපා සිත් 

සැමට ප්‍රේමය සැමට සේවය 

සංහිඳියාවයි සහජීවනයයි 

ජේසු බිළිඳු ඉපදුණා........... 

 


ජයන්ත ගුණසේකර පැරිස් නුවර සිට.