ශ්‍රී ලාංකික දේශපාලන පක්ෂ ප්‍රංශයේදී මැයි දිනය සමරති


ලෝක කම්කරු දිනය සමරන මැයි 01 වැනිද‌ා ප්‍රංශයේ විවිධ ප්‍රධාන නගර මූලික කොට පෙළපාළි පැවැත්වීම සෑම වසරකම සම්ප්‍රදායානුකූලව සිදු වෙන්නකි. ඉන් බොහොමයක් පැරිස් අගනුවර ප්‍රධානකොට පැවැත්වේ. ප්‍රංශයේ විවිධ දේශපාලන පක්ෂ, විවිධ වෘත්තීය සමිති මෙන්ම විදේශගත ප්‍රජාවන් නියෝජනය වෙන විවිධ සංවිධාන ද මැයි 01 වැනිදා ලෝක කම්කරු දිනය සැමරීමට එක්වේ.


ඒ අනුව මෙවර ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රංශ ශාඛාව මෙන්ම පෙරටුගාමී පක්ෂයේ ප්‍රංශ ශාඛාව ද පැරීසියේ පැවැත්වූ මැයි පෙළපාළියට එක්වී සිටියෝය. මින් පෙර විවිධ සටන් පාඨ රැගත් එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධ ජනයා දහස් ගණනක් මෙම පෙළපාළිවලට එක්වුවද මෙවර ඔවුන්ගේ සටන් පාඨ රැගත් පිරිස පනහකටත් අඩු සංඛ්‍යාවක් මැයි පෙළපාළියට එක්වී සිටීම විශේෂිත වූයේය.


ඒනයින් ප්‍රංශයේ එල්.ටී.ටී.ඊ. සංවිධානයට සහය දක්වන පිරිස් පසුගිය වර්ෂවලට සාපේක්ෂකව ඉතා අඩු මට්ටමක පැවැතීම විශේෂයෙන් දැක ගැනීමට ලැබුණේය.

 

 

 


සුනිල් ආනන්ද - පැරීසියේ සිට