ශ්‍රී ලංකාවේ බෝම්බ ප්‍රහාරයෙන් මියගිය අය සිහිකර කතානියා දේවස්ථානය මගින් සාම පා ගමනක්


පාස්කු ඉරුදින ශ්‍රී ලංකාවේ සිදුවූ ම්ලෙච්ඡ කිතුණු සංහාරය අපේ හදවත් වලට දරාගත නොහැකි වේදනාවක්මය. එහිදී මියගිය සියළුම දෙනා අපේම සහෝදර සහෝදරියෝය. අපේම දූ-දරුවන් ය. එහිදී මියගිය අය අතර අප සමඟ සිටි ඉතාලියේ කතානියා කතෝලික සංඝයේ එක් සහෝදරියක් ද සිටී.


ඉතාලියේ සිටින කතෝලික ජනතාව එක් එක් නගරවල මියගිය අයගේ ආත්මයන් වෙනුවෙන් තම දුක් ශෝක ප්‍රකාශ කර ආගමික වතාවන් පැවැත්වූහ. කතානියා නගරයේද කතෝලික දේවස්ථානයේ පසුගිය බ්‍රහස්පතින්දා දින  කතානියා කතෝලික ජනතාව භාර තේවාචාර්ය giuseppe cannizzo සහෝදර තුමාගේ සහ කතානියා පදවි අනුනායක Mon.salvatore genchi හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් දිව්‍ය  යාගයක් සහ ඔවුන් සියළුම දෙනා සිහිකර ඉටි පහනක් දල්වා, එම ආත්මයන්ට පිං පැමිණවීම සිදුකළ අතර 28 වන ඉරුදින සාම පා ගමනක්ද සිදු කෙරුණි .මෙම අවස්ථාවන්ට ඉතාලි ජාතිකයන් ද සහභාගි වූ අතර බෞද්ධ ජනතාවද සහභාගි වූහ. 


දෙවියන් වහන්සේ වෙනුවෙන් ප්‍රාණ පරිත්‍යාගි වන අය පව් ඇතිව සිටිය , තම ජීවිතය උන් වහන්සේ වෙනුවෙන් සාක්ෂි දරන්නේද, ඒ අවස්ථාවෙහි දී ඔවුන්ගේ සියළුම පාප නැසී යන්නේය. එදා මියගිය සියළුම දෙනා නිල නොලත් ප්‍රාණ පරිත්‍යාගිවරුන් ය. මියැදෙන්නට මොහොතකට පෙර ජේසුව ලබා ජේසු සමඟ සිටි ඔවුන් සැම ජේසු ස්වර්ගයට ඔසවා ගන්නැති. කිසිවක් නොදත් පුංචි දරුවන්ගේ ආත්මයන් සුරදූතයන් විසින් ඉහළට ගෙන යන්නැති.


මේ සිදුවූ සිදුවීමත් සමඟ ජාතියක් වශයෙන් අපි තව තවත් එකට බැඳෙමු. ආයෙත් දවසක මෙවන් විපතක් අප සැමට අසන්නට නොලැබේවා.


කාන්ති රතුගම, කතානියා - සේයාරුව: සරත් සමරසිංහ