ශ්‍රී ලංකාවේ 70 වැනි නිදහස් සමරුව ඩුබායි රාජ්‍යයේ දී සැමරූ වගයි


ශ්‍රී ලංකාව නිදහස දිනා වසර 70ක් සපිරුන මෙම පෙබරවාරියේම ඩුබායි හි ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් කාර්යාලය ආරම්භ කොට වසර 25ක් ද සපිරුණි. එම සතුටුදායක කරුණු දෙකම පෙබරවාරි 04 නිදහස් දිනය දා එක විටම සමරන්නට ඩුබායි කොන්සල් ජෙනරාල් කාර්යාලය තීරණය කොට තිබිණ.   


එ් වෙනුවෙන් සංවිධානය කෙරුනු ‘‘ශ්‍රී ලාංකික දිනය’’ නම් දැවැන්ත වැඩසටහනේ ප‍්‍රධාන එක් අංගයක් වූ, ඩුබායි හි ‘අරමාණි හෝටලයේ’ ‘අරමාණි බෝල් රූම් ශාලාවෙහි’ දී පවත්වන්නට යෙදුණු අති උත්කර්ෂවත් රාත‍්‍රී භෝජන සංග‍්‍රහයට අරාබි එමීර් රාජ්‍යයේ කාලගුණික විපර්යාස හා පාරිසරික අමාත්‍ය තානි බින් අහමඞ් අල් සයෝදි මැතිතුමන් ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ අතර රටවල් ගණනාවක තානාපතිවරුන් කොන්සල් ජෙනරාල්වරුන් ද 40කට ආසන්න පිරිසක් පැමිණ සිටියෝය.   


එම අවස්ථාව වඩාත් උත්කර්ෂවත් කිරීමට ශ්‍රී ලංකාවේ සිට පැමිණි චන්දන වික‍්‍රමසිංහ මහතා ඇතුලූ නර්ථන කණ්ඩායම සමත් වූ අතර යූ.එ්.ඊ. රාජ්‍යයේ විවිධ ක්ෂේත‍්‍ර වල නියැලෙන ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් ද එම සුවිශේෂි අවස්ථාවට ආරාධනා ලැබ තිබුණි.   


එම අවස්ථාවේ ඡායාරූප මේ සමග වේ.   

 

 


සුරංගි අතුකෝරල,   
සාජා සිට.