වෛරය හා ක්‍රෝධයට එරෙහි නව නීති ගෙන ඒමට ප‍්‍රංශය සුදානම්


වර්ගවාදය, ආගම්වාදය, ජාතිවාදයට අනුබල දෙන වෛරය හා ක්‍රෝධය ඇති වෙන අයුරින් අන්තර් ජාලයට සම්බන්ධ සමාජ ජාලාවල නීති විරෝධි ලෙස පළවෙන ප‍්‍රකාශනවලට එරෙහිව නව නීති මාලාවක් ගෙන ඒමට ප‍්‍රංශ රජය ක‍්‍රියා කරමින් සිටී.   


ඒ අනුව අන්තර් ජාලය භාවිත කරමින් මුහුණු පොත, ටුවිටර් ගිණුම්, යු ටියුබ්, ඉන්ස්ටග‍්‍රෑම්, රෙඩිට් හා වෙනත් සමාජ ජාලා ආදිය අයත් සමාජ ජාලකරණයන් හී වෛරය හා ක්‍රෝධය ඇතිවෙන අයුරින් පළ කරන අදහස්වලින් සමන්විත වදන්, කාටුන්, චිත‍්‍ර හා වෙනත් දැ හඳුනා ගැනීමෙන් පසු පැය 24ක් ඇතුළත එම ගිණුම්වලින් ඉවත් කිරීමට හා එම ගිණුම් අයත් අන්තර් ජාල පහසුකම් සපයන සමාගම් හා අදාාළ ගිණම් හිමියන් හඳුනා ගෙන ඔවුන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කොට විශාල දඩ මුදලක් සහිතව දැඩි දඬුවම් ලබා දීමටත් අවශ්‍ය නව නීති මාලාවක් ප‍්‍රංශ පාර්ලිමේන්තුවට හඳුන්වා දීමට කටයුතු කරන බව ප‍්‍රංශ අගමැති එඩුවා පිලිප් මහතා මාර්තු 20 වෙනි දින ප‍්‍රංශයේ රූපවාහිණි සාකච්ඡාවකට සහභාගි වෙමින් පැවසීය.   


ඒ අනුව ඉදිරි කාලය තුළදී ප‍්‍රංශය තුළ වර්ගවාදයට උඩ ගෙඩි දෙමින් වෛරය හා ක්‍රෝධය පිළිබිඹු වෙන දෑ පළ කරන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන දැඩි දඬුවම් ක‍්‍රියාත්මක කිරීමට ඇවැසි පරිසරය ගොඩනැගෙමින් පවතී. ඒ සඳහා සමාජ ජාලා විශේෂඥයන්ගේ උපදෙස් පරිදි විශේෂ පරීක්ෂණ කාර්යාංශයක් අභ්‍යන්තර ආරක්ෂක අමාත්‍යංශයට අනුබද්ධ පොලිස් දෙපාර්තමේන්තුවේ ස්ථාපිත කොට පැය 24 පුරාවට ඒ ගැන විමසිල්ලෙන් සිටීමට කටයුතු සිදු කරන බවත් හඳුනා ගත් එවැනි පුද්ගලයන් වැටලීමට විශේෂ පොලිස් බලකායක් පිහිටුවීමට කටයුතු කරන අතරම එවැනි පුද්ලයන් ගැන මහජන පැමිණිලි ලබා ගැනීමට විශේෂ පොලිස් දුරකථන අංකයක් හඳුන්වා දීමටද තීරණය කොට ඇති බවත් ප‍්‍රංශ අගමැතිතුමා වැඩි දුරටත් පැවසීය. මේ අනුව ඉදිරි දින කිහිපය තුළ එයට අදාාළ නීති කෙටුම්පත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන බවද පැවැසීය.

 

 

 

 

සුනිල් ආනන්ද පැරීසියේ සිට