වෙසඟේ අසිරිය සිත යට රඳවා


දහම් අමා ගඟ ගලන්න 
මෙත් සිසිලෙන් සිත් තෙමන්න 
සණරාමර ලෝක උතුම් 
සම්බුදු හිමියනි වඩින්න  
සාමෙන් පිරි අප මව්බිම
ගිනි ඇවිලෙයි සතර කොණම 
ගුණයේ බලයෙන් තෙරුවන 
නිවාලන්න මේ ගිනි හැම  
වෙසඟේ උතුම් පුන් පෝ දින 
සිත් පුරවා හද බැතියෙන 
පතමු පැතුම් එක විලසින 
ලක් මෑණිට නිති සැනසුම  
ආගම් කුල ජාති වාද 
ඉපදුන පසු ඇතිවූ භේද 
එක්රැස් කොට ගෙන පොදි බැඳ 
දිනෙක මියෙන බව නොදැනද  
බුදු හිමි දෙසු දහම් මගේ 
අනන්තයට ඉගිල ගියත් 
මෙත් කරුණා මිස මනුසත් 
හමුවූයේ නැත වෙනසක්  
අධම කුරිරු මිනිසුන්නේ 
කෙනෙකු නසා යන ගමනේ 
පරාජයයි නිති ලැබුනේ 
ඒ වග වටහා ගන්නේ  
සතුරට මිතුරට එක සේ 
මෙත් කරුණා පාන ලෙසේ 
ලොවේ උතුම් දහම ඇසේ 
සවන් යොම මු සිත් සැනසේ

 


විමලා යාපා