වප් පුන් පොහොය සැමරූ නිකෝසියා සදහම් සෙවන


 

සයිප්‍රසයේ ශ්‍රී ලංකාරාමයට අනුබද්ධිත නිකෝසියා සදහම් සෙවනෙහි වප් පුරපසළොස්වක පොහොය වෙනුවෙන් මාසිකව පවත්වනු ලබනා දාන සීල භාවනාදී ආගමික වැඩසටහන 2018-10-28 වැනි ඉරු දින පවත්වන ලදී. 23 වැනි බද‌ාද‌ා දිනට පොහොය දිනය යෙදී තිබුණ ද එදින සයිප්‍රසයේ සේවා දිනයක් වූයෙන් 28 වැනි ඉරිද‌ා නිවාඩු දිනය මේ සඳහා යොද‌ා ගනු ලැබීය. විහාරාධිපති සයිප්‍රසයේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය මොරවක සෝරත නායක ස්වාමීන්වහන්සේගේ අනුශාසනා පරිදි අමුණුපුරේ ගරු ශීලවංස ස්වාමීන්වහන්සේ විසින් බණ භාවනා ධර්ම සාකච්ඡා දවස පුරා පැවැත්වූ අතර වස්සාන කාලය නිමාවන අවසාන පොහොය බැවින් බොහෝ දෙනෙක් පෙහෙවස් සමාදන්ව තවත් විශාල පිරිසකගේ සහභාගීත්වයක් දක්නට ලැබිණ.  

 


විමලා යාපා  
නිකෝසියා, සයිප්‍රස්.