ලෝරන්ස්ගේ මනමාලී පැරීසියට ඇවිත්


වසර මුළුල්ලේම නාට්‍යවලින් පිරී ඉතිරී ඇති පැරීසියේදී අපේ නාට්‍යයක් නැරඹීමට ලැබෙන්නේ කලාතුරකිනි. එසේ නමුදු ශ්‍රී ලාංකික ජනප්‍රිය විශිෂ්ඨ නාට්‍ය නිර්මාණ පැරීසියේ වේදිකාව ආලෝකමත් කර ඇත්තේය. එවැනි පරිසරයක දැඩි නිහඬතාවයකින් පසු පැරීසියේ අපට හොඳ නාට්‍යයක් දැක බලා ගැනීමට අවස්ථාවක් උදාාවී ඇත්තේය. 


ශ්‍රී ලංකාවේ සුජීව ප්‍රියාල් යද්දෙහිගේ ජනප්‍රිය විනෝදජනක නිර්මාණයක් වූ ලෝරන්ස්ගේ මනමාලී නම් නාට්‍යය එම අවස්ථාව පැරීසියේ ශ්‍රී ලාංකිකයන්ට ලබාදී ඇත්තේය. 


දුලිකා මාරපන, සම්පත් ජයවීර, සුජීව ප්‍රියාල්, මලි ජයවීරගේ, හේමන්ත ප්‍රසාද් යන ශ්‍රී ලංකා වේදිකාවේ ජනප්‍රිය නළු නිළියන් ඉහත නිර්මාණයට දාායකවේ. හේමන්ත ප්‍රසාද්ගේ රචනයක් වූ සුජීව ප්‍රියාල්ගේ වෙිදිකා නිර්මාණය ලෝරන්ස්ගේ මනමාලී නොවැම්බර් මස 25 වැනි ඉරුදින (අද) සවස 06.30ට පැරීසියේදී වේදිකා ගත වන්නේය. 

 


සුනිල් ආනන්ද පැරීසියේ සිට