ලෝරන්ස්ගේ මනමාලි රෝමයට ඇවිත්


 

ඉතාලියේ රෝම නගරයේ කණ්ඩායම් සහ ඒකපුද්ගල සංගීතයෙන් වසර පිරී යන මොහොතක වේදිකා නාට්‍යය මෙහිදී නැරැඹීමට ලැබීම විශාල භාග්‍යයකි.   


හේමන්ත ප්‍රසාද්ගේ රචනයෙන් සුජීව ප්‍රියලාල් යද්දෙහිගේ නිර්මාණයක් වූ ‘ලෝරන්ස්ගේ මනමාලී’ වැනි වේදිකා නාට්‍යයක් දැක බලා ගැනීමේ අවස්ථාව ඉතාලියේ රෝම නගරයේ ජීවත්වෙන ශ්‍රී ලාංකිකයන්හට වසර 12 කට පසුව ලැබුණු මහඟු අවස්ථාවකි. මීට වසර 12 කට පෙර ‘ඔත්තුකාරයෝ’ නාට්‍යය වේදිකාගත වූවාට පසුව මෙහි සිටින ශ්‍රී ලාංකිකයින්ට ‘ලෝරන්ස්ගේ මනමාලි’ වේදිකාවේ දැක බලා ගැනීම මහඟු අවස්ථාවක් විය.   


දුලීකා මාරපන, මලී ජයවීර, සම්පත් ජයවීර, සුජීව ප්‍රියලාල් සහ හේමන්ත ප්‍රසාද් යන ජනප්‍රිය වේදිකා නළු නිළියන් මෙම නිර්මාණයට දායක වෙයි.   


සුදත් ​ෙරා්හණ ගේ සංවිධානයෙන් පසුගිය දෙසැ. 09 වැනි ඉරු දින සැන්දෑභාගයේ ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් යුරෝපා සංචාරයේ අවසන් දර්ශනය රෝමයේ Santa chiara දේවස්ථාන ශ්‍රවණාගාරයේ දී (රතු පල්ලි ශාලාව) ‘ලෝරන්ස්ගේ මනමාලි’ වේදිකාගත විය.   

 


අනෝමා ගමලත්   
ඉතාලිය, රෝමය