රෝමයේදී ශ‍්‍රී ලාංකිකයා මරාදැමූ තිරිසනා පොලිස් දැලේ


පොලිසිය විසින් කරන ලද වැඩිදුර පරීක්ෂණවලින් හෙළිවූවේ, මියගොස් ඇත්තේ මහමග නිවහන කරගත් වයස අවුරුදු හැට අටක සුනිල් වික‍්‍රමසිංහ නම් වූ ශ‍්‍රී ලාංකිකයකු බවය.   


උක්ත මරණය සම්බන්ධව ඉතාලි පොලීසිය විසින් දීර්ඝ ලෙස කරන ලද පරීක්ෂණයන්ගේ ප‍්‍රතිඵලයක් ලෙස, පෙබරවාරි මස නව වැනිද‌ා “තිරිසනා” නම් අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන වයස අවුරුදු තිස්නවයක ශ‍්‍රී ලාංකිකයකු අත්අඩංගුවට ගෙන ඇත. මොහු මීට පෙර අවස්ථාවකද බාලවයස්කාර තම දරුවන්ට අඩම්තේට්ටම් කිරීමේ වරදට ඉතාලියේ සිරගත වූවෙකි. මේ ලිපිය ලියනු ලබන මොහොත (පෙබරවාරි මස 12 වැනිද‌‌ා) වෙනතුරු තිරිසනා වරද පිළිගෙන නැත.   


පුද්ගල ඝාතන චේතනාවෙන් නොව කිසියම් කාරණයක් මත ඇතිවූ බහින්බස්වීමකදී, හදිසි කෝපය හේතුවෙන් එල්ලකරන ලද පහරකින් මෙම මරණය සිදුවෙන්නට ඇති බවට පොලීසිය සැක කරයි.   


සුනිල් වික‍්‍රමසිංහගේ සිරුර භාරගැනීම සඳහා මෙතෙක් කිසිම ඥතියෙකු හෝ හිතවතකු ඉදිරිපත්වී නැත. මේ සම්බන්ධව පොලිසිය ඉතාලියේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාල සහය පැතූ බව පොලිස් ආරංචි මාර්ග පවසයි. සිරුර දැනට පොලිස් මෘතශරීරාගාරයේ තබා ඇත.   


තිරිසනා පොලිස් අත්අඩංගුවට ගෙන, ගෙනයන ආකාරය ඡායාරූපයෙන් දැක්වේ.   

 

 


ගැස්කොන් ලාසරස්.   
රෝමය, ඉතාලිය.