රෝමයේ ධර්මාශෝක විහාරයේ පොසොන් බැති ගී ජුලි 1 ද‌ා


දෙදහස් දහඅට වර්ෂයේ පොසොන් පුන් පොහොය නිමිත්තෙන් පැවැත්වෙන ද‌ාන ශීල භාවනා වැඩසටහනට අමතරව පැවැත්වෙන පොසොන් බැති ගී සරණිය, ජුලි මස පළමුවැනිද‌ා ඉරිද‌ා පස්වරු තුනට විහාරස්ථාන භූමියේදී පැවැත්වීමට දැන් සියලු කටයුතු සූද‌ානම් ය. විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකෙරුණු බුදුමැඳුර ඉදිරිපිට බුදුන්වහන්සේට කෙරෙන ප්‍රථම බැති ගී උපහාර පූජාවයි ​ෙම්.  


පසුගිය වසරේ ධර්මාශෝක විහාරස්ථානයේ පැවැත්වුණු බැති ගී සරණියේදී නේපාල බෞද්ධ පිංවතුන් විසින් නේපාල බසින් ඉදිරිපත් කරන ලද භක්ති ගීත පූජාව, බස නොතේරුණ ද සියලුම සැදැහැ සිත් සමාධිගත කිරීමට සමත් විය. මෙවර ද නේපාල ජාතික දායකයන් විසින් එම උපහාර පූජාව පැවැත්වීමට නියමිතය.  


බැති ගී සරණිය අවසානයේදී පැවැත්වෙන ප්‍රණීත ආහාර දන්සලකි. පොසොන් පොහොය නිමිත්තෙන් මෙවර පැවැත්වෙන මෙම බැති ගී සරණියට සහභාගී වන ලෙස, පිං කැමැති බැතිමතුන් හට මෙත් සිතින් කෙරෙන ආරාධනයයි මේ.  

 

 


විහාර ද‌ායක සභාව, ධර්මාශෝක විහාරය  


රෝමය