රෝමයේ ධර්මාශෝක විහාරයේ නව බුදුමැඳුර සසුන්ගත කළ වගයි


විහාරාධිපති, පූජ්‍ය නේපාලයේ ශාක්‍යනන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන් රෝමයේ ධර්මාශෝක විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද බුදුමැඳුර සසුන්ගත කිරීමේ මහා පිංකම, මැයි මස හයවැනි ඉරිදා සැදැහැවතුන් සිය ගණනකගේ සහභාගීත්වයෙන් සිදුකෙරිණි.  


නව බුදුමැඳුර තුළ තැන්පත් සමාධි මුද්‍රාවෙන් වැඩ හිඳින බුදුරුව ඉතාලියේ ප්‍රධාන සංඝනායක මිලානෝ බෞද්ධ ධර්මායතනයේ මාහෝගම විපුලසිරි මාහිමියන් විසින් නිරාවණය කරන ලද අතර, මෙම මාහැඟි අවස්ථාවට ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති තැන්පත් දයා පැල්පොල මහතා ඇතුළු තානාපති කාර්ය මණ්ඩලය ද සහභාගී වී සිටියහ.  


නව බුදුමැඳුර ඉදිකිරීම සඳහා මූල්‍යමය මෙන්ම ශ්‍රම දානය ද පිං කැමති විහාරස්ථාන දායක සභාවේ පිරිසක් විසින් දරා ඇති අතර, විහාරාධිපති නේපාලයේ ශාක්‍යනන්ද හිමි​ෙයා් ගල් වැලි ඇදීමට පවා නිහතමානී වූ බව දායක සභා​ෙව් පිළිගැනීම ය.  


රෝමයේ ධර්මාශෝක විහාරයේ නව බුදුමැඳුර හා එම අවස්ථාවට සහභාගී වූ පිරිස අමතන ඉතාලියේ ශ්‍රී ලංකා තානාපතිතුමා ඡායාරූයන්ගෙන් දැක්වේ.  

 

 

 


දායක සභාව,   
ධර්මාශෝක විහාරය,   
රෝමය.