රෝම ධර්මාශෝක විහාරයේ කඨින මහා පිංකම අද ඉරිද‌ා


වස්සානයේ තෙමසක් ආරණ්‍යවාසීව භාවනායෝගීව වැඩවිසූ භික්ෂූන් වහන්සේලාට කරනු ලබන පූජෝපහාරයක් ලෙස සම්ප‍්‍රදායිකව වාර්ෂිකව පවත්වනු ලබන කඨින මහා පිංකම, විහාරාධිපති නේපාලයේ ශාක්‍යනන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන් ඔක්තෝබර් මස විසිඑක හා විසි දෙවැනි දිනවල රෝමයේ ධර්මාශෝක විහාරස්ථානයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු සූද‌ානම් බව විහාරස්ථ ද‌ායක සභාව ගෞරවපූර්වකව ඔබ සැමට දන්වා සිටී.   
ජයන්ත හා නිලන්ති මාකාවිට යුවලගේ මූල්‍යමය දායකත්වය සමග ධර්මාශෝක විහාරස්ථානයේ මෙම මහා පිංකම පැවැත්වෙන දෙදින පුණ්‍යමය වැඩසටහන් කීපයකින් සමන්විතය. ආරාධිත ධර්මදේශකයානෝ ලෙස වැඩමකර සිටින අත්තරාගම ප‍ඤ්ඤාලංකාර හිමියන්ගේ (කොටුවේ හාමුදුරුවෝ) සුමධුර ධර්මදේශනය ශ‍්‍රවණය කිරීමේ පින, පිංකම සඳහා සහභාගී වෙන සැදැහැවතුන්ට ලැබෙන්නේ විසි දෙවැනි ඉරුදින (අද) ය.   
මහ පොළොව කම්පා වුවද කම්පා නොවෙන්නාවූ ද සුළඟින් නොසැලෙන මහාමේරු පර්වතය මෙන් ස්ථාවර වූ ද දියමන්ති කන්දක් මෙන් ශක්තිමත් වූ ද කඨින පිංකමෙන් ලැබෙන මහා පින අනුමෝදන් කරගැනීමට පැමිණෙන ලෙස, පිං කැමති ඔබ සැමට මෙත් සිතින් ආරාධනා කරමු.   
විහාරස්ථ ද‌ායක සභාව   
ධර්මාශෝක විහාරය,   
රෝමය, ඉතාලිය.