රෝම ශාක්‍යමුනි විහාරයේ පොසොන් පෝදා පිංකම්


 

අනුබුදු මිහිඳු මාහිමියන් සිහිපත් කරන පින්බර පොසොන් පොහොය මෙවර උදාවී තිබුණේ ඉරිදා දිනක වීම ශ්‍රී ලාංකීය බෞද්ධ පින්වතුනට සතුටුවීමට හැකි දිනයකි. වැඩ කරන දිනයක මෙවන් උතුම් පෝ දිනයක් උදාවූවා නම් පන්සලකට ගොස් පිනක් දහමක් කරගැනීමට හාම්පුතුන්ගෙන් අවසර ගැනීම දුෂ්කර කාර්යයකි. 

 
පොසොන් පෝ දිනය ඉරිදා දිනය නිසා බොහෝ ශ්‍රී ලාංකික බෞද්ධ පින්වතුන් ශාක්‍ය මුනි විහාරයට පැමිණ එහි විහාරාධිපති ශාස්ත්‍රපති කටුවන සිද්ධත්ථ ස්වාමීන් වහන්සේගේ අනුශාසනා මැද ආගමික කටයුතුවල නිරත වූහ. දවස පුරා සිල්සමාදන් වුණු උපාසක උපාසිකාවන් සීල, භාවනා, ධර්මානුශාසනා, ධර්ම සාකච්ඡා වැනි බොහෝ වැඩසටහන්වලට සහභාගී වී පින් රැස්කර ගත්හ. 


ශාක්‍ය මුනි විහාරස්ථානයේ ප්‍රධාන දායිකාවක් වූ දිල්රුක්ෂි විජේරත්න මහත්මිය විසින් බුදුපියාණන් වහන්සේට දහවල් බුද්ධ පූජාව සකස් කරගෙන විත් පූජා කළ අතර මහා සංඝරත්නයට සිල් සමාදන් වුණ උපාසක උපාසිකාවන්ට ද දහවල් දානය පිරිනැමූහ. දිල්රුක්ෂි මහත්මියගේ මියගිය සොහොයුරාට මේ සියලු දානමය කටයුතු සිදුකර අෂ්ටපරිෂ්කාර පූජාවක්ද පූජාකර පින් අනුමෝදන් කළහ. 

 


සටහන - ප්‍රේමා කංකානම්ගේ 
ඡායාරූප - නෙත්මි අමේෂා 
රෝමය