බඹරෝ නුඹ ගිය දුරක්


අැරඹුම මා ළඟින් වුනත්   
ගිය දුර ගව් දස දහක්   
පසුකර මල් සිය දහක්  
බඹරෝ නුඹ ගිය දුරක්  
 
ලිය ලිය ලිය කව් රහස්  
මල් ​පෙති උඩ පන්හිඳත්   
බිඳ බිඳ බිඳ මල් රොණුත්   
පෙරුවා නුඹ මී බඳුත්
 
පසුකර මල් සිය දහක් 
බඹරෝ නුඹ ගිය දුරක්   
මතකය කඳුළට අරන්   
අඬනව මං අද වුනත්   
 
මල් පෙති යට හංගමින්   
නිවනව මං ගිනි ගොඩක්   
පසුකර මල් සිය දහක්   
බඹරෝ නුඹ ගිය දුරක්  
 
 
 
ජයන්ත රත්නසිරි ගලප්පත්තිගේ ඕස්ට්‍රේලියා