පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයට ලක්වූවන් සිහිකර ඉතාලියේ නොවාරාහිදී පැවැත් වූ දිව්‍ය පූජා යාගය


 

 

පසුගිය පාස්කු ඉරිදා දින ශ්‍රී ලංකාවේ කිතුණු දේවස්ථාන සහ සංචාරක හෝටල් ඉලක්ක කර අන්තවාදීන් විසින් එල්ල කළ බෝම්බ ප්‍රහාරයෙන් ජීවිත අහිමිවූවන්ට හා රෝහල්ගතව සිටින සියලු දෙනාට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමින් විශේෂ දිව්‍ය පූජාවක් 04.05.2019 දින ඉතාලියේ නොවාරා නගරයේ ගරු දොන් ෆ්‍රන්කෝ, දොන් ලුයිජි, දොන් මව්රීට්සියෝ, දොන් ටිටෝ (DON FRANCO, DON LUIGI, DON MAURITZIO, DON TIO) පියතුමන්ලාගේ ප්‍රධානත්වයෙන් නොවාරා නගරයේ මදොන්න පෙල්ලෙග්රීනා (MADONNA PELLEGRINA) දේවස්ථානයේ පැවැත්වූ අතර එයට සහභාගි වූ සියලුම ඉතාලි ජාතිකයන්ටත් බොදු කිතුණු හා අන්‍ය ආගමික සියලුම ශ්‍රී ලාංකිකයන් ඇතුළු විජාතිකයන් හට නොවාරා කිතුණු සංඝය විශේෂ ස්තුතියක් පුදකර සිටී. 


ක්‍රිශාන්ත පෙරේරා - නොවාරා - ඉතාලිය