පාර්වතිගේ ආදරේ


පිච්ච මල්වැලෙන් මල් දෙමිටක් කඩාගෙන   
මල්වැලක් වෙන්නට එය නුලක අමුණගෙන   
දිගුවරලසේ එය හැඩයට එල්ලගෙන   
නුඹ එනු දුටුවේ දිය කළයක් පුරවගෙන   
රතු දිගු සාය නුඹ එනවිට හැඩට වැනේ   
කහමල් හැට්ටෙ රන්කොඹු දෙක වසාගෙනේ   
සඳවන් මුහුණෙ රතු තිලකය තබාගෙනේ   
දැක නුඹේ රූපේ මට ඇතිවුනා සෙනේ   
සිංහල වචන එකදෙක නුඹ කියන විට   
ඉඳහිට කොමළ ගති නුඹ මට පාන විට   
යටිහිත මගේ නොදැනිම පෙම් කරන විට   
හිතුනා නුඹව කරකාරෙට ගන්න මට   
මා නුඹට ලෙංගතු බව කිව්ව දිනේ   
ලජ්ජා හිතිල නුඹ කොමළෙට සිනාසුනේ   
අම්මා අප්පා ළඟ ඇවිදින් අසනු මැනේ   
කියලා වචනෙ නුඹ ගෙපැලට දිව්වා අනේ   
නුඹෙ අත ගෙන දෙපැත්තෙ අවසරය පිට   
කැන්දන් ආවේ මගේම නිවහන වෙතට   
සෙනේ සැප සතුට එක ලෙස ලැබුණු මට   
පෙම්බර බිරිඳකි මා ලැබුවේ පෙර පිනට   
දරු මුණුබුරන් දැක අැත මේ අපි දෙන්නා   
දරුවොත් මා නුම වගෙයි සෙනෙහේ පෙන්නා   
ජීවත්වන කාලයදි සැප සැනසුම අැත නිම්නා   
තවමත් නුඹ මගේ දෙපා දොවා සිප සනසන්නා 

 

ප්‍රින්සි රණසිංහ ආරච්චිගේ - වෙරෝනා නගරය. ඉතාලිය.