ප්‍රංශයේ ශ්‍රී ලාංකිකයකුගෙන් තැලසීමියා රෝගීන්ට දුලබ ඖෂධ පරිත්‍යාගයක්


 

 

ශ්‍රී ලංකාවේ තැලසීමියා රෝගීන්ට අත්‍යවශ්‍ය, එහෙත් ලබාගැනීමට අපහසු ඖෂධ තොගයක් ප්‍රංශයේ පැරිස් නුවර පදිංචි අජිත් රණසිංහ මහතා ලංකා තැලසීමියා කවය වෙත පසුගියදා ප්‍රදානය කරන ලදී.  
ශ්‍රී ලංකා රුපියල් ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් මෙම ඖෂධ තොගය බත්තරමුල්ල වෝටස් එජ්හිදී පැවැති චාම් උත්සවයක දී ශ්‍රී ලංකා තැලසීමියා කවයේ සභාපති නිමල් ප්‍රේමරත්න සහ එම සංවිධානයේ ලේකම් ජයන්ත බාලසූරිය යන මහතුන් වෙත අජිත් රණසිංහ මහතා විසින් භාරදෙන ලදී. මෙම අවස්ථාවට මුහුණුපොතේ ‘‘වෙනස’’ VOC සාමාජික දමයන්ති ජයසිංහ කැටිපෙආරච්චි සමග රෝගී දරුවන්ගේ දෙමාපිය පිරිසක් ද සහභාගි වූහ.  


තැලසීමියා රෝගයෙන් ​ෙපළෙන හාරදහසක් පමණ වූ රෝගී දරුවන් පිරිසක් මෙම ඖෂධ ලබාගැනීමේ දුෂ්කරතාවෙන් පෙළෙති. ලොව වටා සිටින, මොවුන්ට ආධාර කළ හැකි ශ්‍රී ලාංකිකයන්ගේ අවධානය මේ වෙත යොමු වේවායි මෙම ඖෂධ තොගය පරිත්‍යාග කරමින් අජිත් රණසිංහ මහතා ප්‍රාර්ථනාත්මක සඳහනක් කළේය.  


ශ්‍රී ලංකාවේ තැලසීමියා රෝගීන්ගේ අවශ්‍යතා පිළිබඳව එම කවයේ සභාපති නිමල් ප්‍රේමරත්න මහතාගෙන් අංක 0714772226 ඔස්සේ දුරකතනයෙන් විස්තර ලබාගත හැකිය.  


බත්තරමුල්ල වෝටස් එජ් හෝටලයේ පැවැති චාම් උත්සවයේදී අජිත් රණසිංහ මහතා එම ඖෂධ තොගය ශ්‍රී ලංකා තැලසීමියා කවයේ නිලධාරීන්ට පිරිනමන අයුරු වම් පස ඡායාරුපයෙන් දැක්වේ. අජිත් රණසිංහ මහතා තැලසීමියා කවයේ නිලධාරීන් සහ රෝගීන්ගේ දෙමාපියන් සමග (ඉහළ ඡායාරූපයේ)