නොකඩවා තෙවැනි වරටත් හොඳම නිළිය සම්මානය රෙෂාන් ප්‍රනාන්දුගේ කෙටි චිත්‍රපටයට


 

පසුගියදා රොමේනියාවේ පැවති 12 Months Film Festival 2019 චිත්‍රපට සම්මාන උළෙලේදී රෙෂාන් ප්‍රනාන්දුගේ 8 වැනි කෙටි චිත්‍රපටය වූ Untold Thoughts හෙවත් “නොකියූ සිතුවිලි” කෙටි චිත්‍රපටය සඳහා එහි රඟන මාර්ලෝ ත්‍රොපේ (Marlo Tropee) ළමා රංගන ශිල්පිනිය හොඳම නිළිය සඳහා වන සම්මානය දිනා ගැනීමට සමත් වුණා.   


මෙය ඇයගේ පළමු චිත්‍රපටය වූ අතර රෙෂාන් ප්‍රනාන්දු ඇය හඳුන්වා දෙන්නේ ද මෙම චිත්‍රපටයෙන්ය. කුඩා හොල්මන් දැරියකගේ චරිතයට පණ පොවන ඈ කිසි දිනෙක හොල්මන් චිත්‍රපටයක් හෝ දැක නොමැතිවත්, චරිතයට අනුව කිසිදු දෙබසක් හෝ නොමැතිවත් ඈ මෙහිදී විශිෂ්ට රංගනයක නිරත වීමෙන් අනෙක් දක්ෂ සියලු වයස් පරතරවල රංගන ශිල්පීන් අභිබවා ජය ගැනීමට හේතු වූ බව සම්මානය ලබා ගැනී​ෙමන් පෙනී යනවා.   


මෙය රෙෂාන් ප්‍රනාන්දුගේ කෙටි චිත්‍රපට සඳහා පිට පිට ලැබූ තෙවැනි හොඳම නළුවා / නිළිය සම්මානයයි. 


අනුපිළිවෙළින් ගත් විට එලී තොමසීනී (Elie Tommasini) - Gloomy Boy කෙටි චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් හොඳම නළුවා සම්මානය ද නිල්ස් බෙන්තෝ කොනල්ට් (Nils Bento Connault) - A Gold Star Kid චිත්‍රපටය සඳහා හොඳම නළුවා සම්මානය ද පසුගිය වසරවලදී දිනා ගත්තා. 


එමෙන්ම මේ වෙනවිට වැඩ කටයුතු ආරම්භ කර ඇති රෙෂාන් ප්‍රනාන්දුගේ මීළඟ නවතම කෙටි චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට ද මේ පුංචි රංගන ශිල්පිනිය මාර්ලෝ ත්‍රොපේ තෝරා ගෙන ඇති අතර මේ වනවිට අන්තර්ජාතික කෙටි චිත්‍රපට උළෙලවල් කීපයක තරග වදිමින් තිරගත වන Be a Buddy Not a Bully හෙවත් “නොව හතුරු වෙමු මිතුරු” නමැති රෙෂාන්කෙගේ ටි චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට ද පණ පොවන්නේ ඇයයි. ඉදිරියේ දී ඈ තවත් ප්‍රංශ හා ජාත්‍යන්තර නිර්මාණ කීපයකට දායකවන්නට නියමිතයි. 

 

 

 

 

 


හේමා කටුකුරුන්ද 
පැරීසිය.