නත්තල් සිතුවිල්ලක්


 
 
පාවඩ උඩු වියන් පෙරමග දළ ඇත්තූ  
නැතුවට දැසි දසුන් කුඩ සේසත් ගත්තූ  
තවලම සදිසි පොදි බැඳ සන්තක වස්තූ  
තැන තැන ඇදෙති මිනිසත් බව ලද සත්තූ  
 
බ්‍රේකින් නිව්ස් ​ලොව කරනා ගිනි පත්තූ  
පොතපත කටවචන නැතුවට නිසි ඔත්තූ  
අගුපිල් තුරු වදුළු හිස සෙවනට ගත්තූ  
කොපමණ වෙති ද දෙව් බව ලබනා පුත්තූ  
 
 
රසීකලා - රෝමය, ඉතාලිය.