දස වසරක විරු සමරුව නාපෝලියේදී සැමරූ වගයි


 

තිස් වසරක යුද බිය නිමා කරමින් ශ්‍රී ලක් භූමියට සාමය උදාවී දස වසරක් පිරෙන අවස්ථාවේ ඒ සඳහා මහා වෙහෙරක් ඉටු කළ විරෝධාර රණවිරුවන් සිහිපත් කරමින් ජීවිත පූජාකළ අභීත රණවිරුවන්ට පිං අනුමෝදන් කර පුණ්‍යානුමෝදනාවක් සහ ආබාධිත රණවිරුවන්ට සෙත් ප්‍රාර්ථනා කරන ආශිර්වාද පූජාවක් ද පවත්වා පාස්කු දින අන්තවාදීන්ගෙන් එල්ල වූ ප්‍රහාරයෙන් මියගිය අය සඳහා පින් අනුමෝදන් කිරීමක්ද එම ප්‍රහාරයෙන් ආබාධිතවී අසරණ වූ ජනතාවට සෙත්පතා ආශිර්වාද පූජාවක්ද ඉතාලි ඒකාබද්ධ සිංහල සංවිධානයේ ගරු සභාපති පූජ්‍යපාද දඹදෙණියේ ධම්මාරාම ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් සහ නාපෝලි බෞද්ධ විහාරාධිපති වජිරඥාණ ස්වාමීන් වහන්සේගේද සහභාගිත්වයෙන් ජූනි මස දෙවැනි ඉරුදින පෙරවරු 10.30ට නාපෝලි V I A TOMMSSI NO 20 පියස්ස මස්සීනි ශාලාවේදී පැවැත්වූහ.   


ඉතාලි ඒකාබද්ධ සිංහල සංවිධානයේ ගරු සභපති ස්වාමීන් වහන්සේ වූ පූජ්‍යපාද දඹදෙණියේ ධම්මාරාම ස්වාමීන් වහන්සේ සහ එම සංවිධානයේ ගරු ලේකම් ලාල් ගමගේ මහත්මා විසින්ද රණවිරුවන් මවුබිම වෙනුවෙන් කළ උදාර සේවය අගයා උත්තමාචාර පුද කරමින් ඉතාමත් අගනා දේශනයක් පැවැත්වූහ.   


අන්තවාදීන් සිදුකළ පාස්කු දින ප්‍රහාරයද හෙළා දකිමින් විදෙස්ගත ශ්‍රී ලාංකිකයෝ විශාල පිරිසක් පියස්ස මස්සීනි නාපෝලි ශාලාවට පැමිණ සිටියහ.   

 

 


ප්‍රේමා කංකානම්ගේ   
රෝමය.