ඩෙන්මාර්කයේ ප්‍රදීපාගාරයක් පීලි මතින් රට තුළට ගෙනයයි


මුහුදු රකුසාගෙන් බේරාගන්න කළ මෙහෙයුමක්

සමුද්‍ර යාත්‍රාවන්ට රාත්‍රී කාලයේ මගපෙන්වනු ලබන ප්‍රදීපාගාරයක් ගොඩබිම තිබුණු ස්ථානයේ සිට මීටර් අසූවක් රට අභ්‍යන්තරයට ගමන් කරවූ පුවතක් ඩෙන්මාර්කයෙන් වාර්තා වේ.   


ඩෙන්මාර්කයේ උතුරු ප්‍රදේශයේ රූබර්ග් නූඩ් හි මීට වසර එකසිය විස්සකට පෙර උක්ත ප්‍රදීපාගාරය ගොඩනගන විට එය මුහුදේ සිට මීටර් දෙසීයක් දුරින් පිහිටා තිබුණි. එහෙත් දැඩි මුහුදු ඛාදනය හේතුවෙන් මේ වනවිට ප්‍රදීපාගාරය මුහුදට මීටර් හයක දුරින් අනතුරුදායක අවස්ථාවකට ආසන්නව තිබුණි. නව ප්‍රදීපාගාරයක් ගොඩනැගීමේ විකල්පයෙන් මිදුණු ඩෙන්මාර්කය, ඔක්තෝබර් මස විසිදෙවැනිදා මෙම ප්‍රදීපාගාරය පිහිටි තැනට නුදුරින් රට අභ්‍යන්තරයේ වූ ආරක්ෂා සහිත ස්ථානයකට නිරුපද්‍රිතව ගමන්කරවීමට සමත්විය.   


මීටර් විසිතුනක උසකින් යුත් සහ ටොන් දහසකට ආසන්න බරකින් යුත් මෙම   


ප්‍රදීපාගාරය, පීලි මතින් මීටර් අසූවක් රට අභ්‍යන්තරයට ගමන් කරවා ඇත. පීලි මත ප්‍රදීපාගාරයේ ගමන් වේගය පැයකට මීටර් අටක් වූ බව ද ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන් ය.   
චාපි කෝසලා.   


මියුනිච්, ජර්මනිය.