ඩුබායිහි වෙසෙන ධර්මාශෝක හා දේවානන්ද සිසුන්ගේ ශ‍්‍රමදාන ව්‍යාපෘතිය


 

එක්සත් අරාබි එමිරේට්හි වෙසෙන අම්බලන්ගොඩ ධර්මාශෝක හා දේවානන්ද ආදි සිසුන් පළමුවරට කළ එකාබද්ධ ව්‍යාපෘතිය ලෙස අබුඩාබි වල පිහිටි ‘බාහ්‍යාසැන්චුවරි’ ව්‍යාපෘතිය නම් කළ හැක. රටපුරා සිටින අත්හැරදැමූ අශ්වයන් පෝනින් බලු බළල් ආදී විවිධ සතුන්ට ස්ථිර වාසස්ථානයක් සපයන මෙම ‘බාහ්‍යාසැන්චුවරි’ මධ්‍යස්ථානයේ නඩත්තු කටයුතු කාලයකින් නිසි ලෙස සිදුනොවී පවතිද්දී එය පිරිසිදු කිරීමට ධර්මාශෝක දෙවානන්ද ආදි සිසුන්ගේ එකමුතුව ඉදිරිපත් වී පසුගියදා ශ‍්‍රමදානයක් මගින් එම පිරිසිදු හා පිළිසකර කිරීම් දවස පුරාම සිදුකරන ලදී.


විදුහල් දෙකේම ආදි සිසුන්ගේ පවුල් වල අයද ඇතුලුව සියයකට වැඩිපිරිසක් සහභාගි වූ මෙම ව්‍යාපෘතිය ඉතා සාර්ථකව නිමාකරන ලද්දේ සතුන්ට වඩාත් යහපත් ජල සැපයුම් හා වාසස්ථාන යළිත් හිමිකර දෙමිනි.


ලක් මවගේ සුජාත පුතුන්වූ ඔවුන් තම අනාගතය සාර්ථක කරගන්නට ඉඩහසර සලසන අරාබි එමීර් රාජ්‍යය තම දෙවැනි මවුන්සේ සලකමින් මෙලෙස මෙම රටේ පොදු කටයුතු වලට මෙලෙස සහය පළකිරීම ලොව පුරාම වෙසෙන අනෙකුත් ශ්‍රී ලාංකිකයන්ට මහඟු ආදර්ශ සපයයි. එම අවස්ථාවේ පින්තූර කීපයක් මේ සමග.


සුරංගි අතුකෝරල
සාජා සිට.