ඩුබායි දේශයේදී ශ්‍රී ලංකාවේ නිදහස් දිනය සැමරූ අයුරු


 

 

 

අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස ලබා වසර 72ක් පිරීම ශ්‍රී ලංකාව අති උත්කර්ෂවත් අයුරින් සමරද්දී ඊට සමගාමීව ඩුබායි දේශයේ ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් කාර්යාලය හා එක්ව ඩුබායිහී වෙසෙන ශ්‍රී ලාංකිකයන් ද ඉමහත් අභිමානයෙන් යුතුව නිදහස සැමරූහ. 


ඩුබායි දේශයේ අභිනව කොන්සල් ජෙනරාල්තුමන් වන නලින්ද විජේරත්න මහතා විසින් ජාතික ධජය ඔසවා, ජාතික ගීය ගායනා කිරීමෙන් අනතුරුව ගරුතර මහා සංඝරත්නය බෞද්ධාගමික වතාවත් මෙහෙය වූ අතර අන්‍යආගමික පූජකතුමන්ලා විසින් ලක්වැසියනට හා රටට ආශිර්වාද කරමින් සෙත් පැතූහ. කොන්සල් ජෙනරාල්තුමන් ඇතුළු සම්භාවනීය අමුත්තන් විසින් පොල්තෙල් පහන දැල්වූ අතර, ජනාධිපතිතුමන්ගේ, අග්‍රාමාත්‍යතුමන්ගේ සහ විදේශ අමාත්‍යතුමන්ගේ නිදහස් දින පණිවුඩ කිය වීමෙන් අනතුරුව කොන්සල් ජෙනරාල් නලින්ද විජේරත්න මහතා විසින් උත්සව සභාව අමතන ලදී. 


උත්සවාවසානයේ කැවුම් කිරිබතින් පිරුණු තේ පැන් සංග්‍රහයක්ද පැමිණ සිටි පිරිස වෙනුවෙන් සංවිධානය කොට තිබිණ. 


සුරංගි අතුකෝරල, සාජා සිට.