ඩුබායි දේශයේ පැවැත්වූ ශ්‍රී ලාංකික දිනයේ විසිතුරු


 

ඩුබායි හි ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් චරිත යට්ටෝගොඩ මහතා ප‍්‍රධානකොට කොන්සල් ජෙනරාල් කාර්යාලය විසින් 70 වැනි නිදහස් සමරුව හා එ් හා සමගාමීව යෙදුණූ ඩුබායි හි ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් කාර්යාලය තම සේවාව අරඹා වසර 25ක් පරිපූර්ණවීම නිමිත්තෙන් සංවිධානය කළ ශ්‍රී ලාංකික දිනය නම් වූ අති දැවැන්ත උත්සවය පසුගියදා උදෑසන 9 සිට රාත‍්‍රී 11 දක්වා ඩුබායි හි සබීල් පාක් උද්‍යානයේදී පැවැත්විණි.   


එය එතෙක් මෙතෙක් ඩුබායි දේශයේ පැවැත්වුණු සුවිශාලම ශ්‍රී ලාංකික වැඩ සටහන වූ අතර උදෑසන කාලයේ පැවති වෛද්‍ය සායනය, ඇස් හා ලේ දන්දීමේ කඳවුරු, නීති සේවා හා විදේශ රැකියාවන්ට අදාළ උපදෙස් ලංකා හා යූ.එ්.ඊ මිත‍්‍රත්ව පා ගමන ආදී තවත් විවිධ විශේෂාංගවලට අමතරව මෙම උත්සවයේ කාගේත් අවධානය තදින්ම දිනා ගත් සංස්කෘතික සංදර්ශනය එදින සවස් කාලයේදී පැවැත්විණ. ඉන් අනතුරුව ලංකාවේ සුප‍්‍රසිද්ධ කලා ශිල්පීන් රැසක් සහභාගි වූ සංගීත ප‍්‍රසංගයක් ද පැවැත්වීමට සංවිධායකවරු කටයුතු යොදා තිබුණෙන් දහස් ගණනින් එදින සබීල් පාක් වෙත පැමිණ සිටි ජනතාව ශ්‍රී ලාංකික ආහාර පාන රස බලමින් අලුත් අත්දැකීමක් විඳ ගත්හ.   

 

 


සුරංගි අතුකෝරල   
සාජා සිට.