චීන ජාත්‍යන්තර චිත්‍රපට හා රූපවාහිනී දැක්මේදී ශ්‍රී ලංකාවේ දර්ශණතල වෙත චීන අවධානය යොමුවෙයි


ශ්‍රී ලංකාවේ මනරම් දර්ශන තල පිළිබඳව විස්තර කරමින්..

 

පහළොස්වැනි (15) චීන ජාත්‍යන්තර චිත්‍රපට හා රූපවාහිනී ප්‍රදර්ශනය පසුගිය 17 වැනි දින සිට 19 වැනි දින තෙක් චීනයේ අගනුවර වන බෙයිජින්හිදී පැවැත්වුණි. “නව යුගය, නව නිපුණත්වය හා නව පර්ච්ජේදය” යන්න එහි ප්‍රධාන තේමාව වූ අතර මේ අවස්ථාව සඳහා චීන හා ජාත්‍යන්තර මාධ්‍ය නියෝජිතායතන රැසක් සමග මහජන චීන සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ද ඇතුළුව නෝර්වේ- ග්‍රීසිය -ආර්මේනියාව- බල්ගේරියාව -දකුණු කොරියාව- ඉතියෝපියාව -සෙනගාලය- පිලිපීනය –ටියුනීසීයාව- උරුගුවේ -සිම්බාබ්වේ යන රටවල්වල තානාපති අංශ නියෝජිතයෝ ද සහභාගී වී සිටියහ.


මේ ප්‍රදර්ශනය සඳහා අනුග්‍රහය දැක්වූ චීන මාධ්‍ය ආයතන අතර ක්‍යසබ් ක්‍ැබඑර්ක ඔැකැඩසිසදබ-ක්‍ක්‍ඔඪල ක්‍යසබ් ඨකදඉ්ක ඔැකැඩසිසදබ භැඑඅදරන-ක්‍ඨඔභල ක්‍යසබ් භ්එසදබ්ක ඍ්ාසද-ක්‍භඍල ක්‍යසබ් ඍ්ාසද ෂබඑැරබ්එසදබ්ක-ක්‍ඍෂ යන ඒවාද විය.


මේ අවස්ථාව සඳහා මහජන චීන සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නියෝජනය කරමින් සහභාගී වූ එහි දෙවැනි ලේකම් ඉනෝකා වීරසිංහ මහත්මිය චිත්‍රපට රූගත කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ඇති මනරම් පසුබිම් සථාන පිළිබඳව මෙන්ම ශ්‍රී ලංකාවේ රූගත කළ ජාත්‍යන්තර චිත්‍රපටවල තොරතුරු පිළිබඳවත් වීඩියෝ හා ජායාරූප සහිතව අගනා ඉදිරිපත් කිරීමක් කළ අතර එම ප්‍රදර්ශනයට පැමිණ සිටි චීන රූපවාහීනී හා චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ට විවෘත ආරාධනාවක් කරමින් ඇය පැවසුවේ ඔවුන්ගේ නිර්මාණ හා වැඩසටහන් සඳහා ශ්‍රී ලංකාවේ පිහිටි සුන්දර පසුබිම් ස්ථාන භාවිත කරන ලෙසත් ශ්‍රී ලංකාවේ රූපවාහිනී වැඩසටහන් චීන ජනතාවට නැරඹීමට හැකිවෙන පරිදි ඒවා චීන මාධ්‍යවල චීන උපශීර්ෂ හෝ හඬකැවීම් සහිතව විකාශනය කරන ලෙසත්ය.

 

 


උපුල් වික්‍රමසිංහ - බෙය්ජින්-චීනය