කොලොම්බියාවේදී පාප්තුමා රිය අනතුරකින් තුවාල ලබයි


 

කොලොම්බියාවේ කරන ලද පස්දින අපොස්තලික සංචාරයේ අවසන් දිනය වූ සැප්තැම්බර් මස දහවැනි දින, සුද්ධෝත්තම ෆ‍්‍රැන්සිස් පාප්තුමා රිය අනතුරකින් තුවාල ලද බව වතිකාන ආරංචි මාර්ග පවසයි.   


පාප්තුමන් පිළිගැනීම සඳහා කොලොම්බියාවේ කර්තජේනා නගරයේ පැවති උත්සවයකට සහභාගී වීමේදී, පැමිණි සිටි පිරිසට ආචාර කරමින් පාප්තුමා විවෘත රථයේ ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇත.   


ෆ‍්‍රැන්සිස් පාප්තුමා විවෘත රථයේ සිටගෙන මග දෙපස රැස්ව සිටි ලක්ෂ සංඛ්‍යාත ජනකායට ආචාර කරමින් ගමන් කරමින් සිටිය දී හදිසියේ වාහනය තිරිංග තදකිරීම හේතුවෙන්, පාප්තුමා සමබරතාවය ගිලිහී වාහනය තුළම ඇදවැටී ඇත. කිසිවක් සිදුනොවුණු ලෙස පාප්තුමා වහාම නැගිට යළි ජනකායට ආචාර කිරීමට පටන්ගෙන ඇතුව ද, පාප්තුමාගේ වම් ඇස අවට ප‍්‍රදේශය රුධිරය පිරී ඉදිමෙමින් තිබූ බව ද, වහාම පාප්තුමාගේ විවෘත රථය තුළ හදිසි ප‍්‍රථමාධාර ලෙස සූදානම්ව තිබුණු අයිස් කැට තබා ඖෂධීය පැලැස්තර දෙකක් දමා ප‍්‍රතිකාර කළ බව ද, වතිකානය වැඩි දුරටත් පවසයි.   ප‍්‍රථමාධාරයෙන් පසුව කාලසටහන පරිදි පාප්තුමා කොලොම්බියා අපොස්තලික සංචාරයේ ඉදිරි වැඩකටයුතු සාර්ථකව නිමා කර ඇත.   


අනතුර සිදුවූ අවස්ථාවේ පාප්තුමාගේ වාහනය තුළ සිටි වතිකාන ඡායාරූප ශිල්පියකු විසින් ගන්නා ලද ඡායාරූපයක් මේ සමග දැක්වේ.   


රන්ජිත් කොස්තා   
රෝමය, ඉතාලිය.