කුවෙට් බක්මහා උදානය අප්‍රේල් 6 වැනිදා ෆාහිල් ක්‍රීඩාංගණයේදී


කුවේට් දේශයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයන්ගේ සුබ සාධනය වෙනුවෙන් පිහිටුවාගන්නා ලද ශ්‍රී ලංකා සමාජ සේවා සංගමය විසින් සංවිධානය කරනු ලබන කුවේට් බක්මහා උදානය දෙවැනි වරටත් මෙම අප්‍රේල් මස 06 වැනිදා සිකුරාදා ෆාහිල් ක්‍රිඩාංගණයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.


විශේෂයෙන්ම කුවේටයේ ශ්‍රී ලාංකික අවමංගල්‍යාධාර සමිතියේ අරමුදල තරකර ගැනීම පිණිස ආධාර ලබා ගැනීම අරමුණ කරගෙන පැවැත්වෙන මෙම බක්මහ උළෙලට කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පූර්ණ අනුග්‍රහය ද හිමිවෙයි.


ශ්‍රී ලංකාවෙන් පැමිණෙන ටෙලිනාට්‍ය ශිල්පීන් ද සහභාගී වෙන මෙම බක්මහ උළෙල සුපුරුදු ජාතික ක්‍රීඩා වලින් හැඩගැන්වෙන අතර ළමා තරග රැසකින්ද සමන්විත වේ. මේ සඳහා සහභාගී වෙන ලෙස කුවේට්හී සිටින සියලු ශ්‍රී ලාංකිකයන්ට සංවිධායක මණ්ඩලය සාදරයෙන් ඇරියුම් කරයි.