කතානියාහිදී 105 වැනි ලෝක සංක්‍රමණික දිනය සැමරූ අයුරු


 

 

සැප්තැම්බර් 29 වැනි දින ශුද්ධෙ​ා්ත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේ විසින් ලෝක සංක්‍රමණික සහ සරණාගතයන්ගේ දිනය වශයෙන් නම් කළ අතර මෙවර සමරනු ලැබූවේ 105 වැනි සංක්‍රමණික දිනයයි.


කතානියා නගරයේ කතෝලික ජනතාව සම්බන්ධයෙන් කටයුතු කරන තේවාචාර්යතුමා වන Juseppe Cannizzo සහෝදරතුමාගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කරන ලද මෙම උත්සවයට ශ්‍රී ලාංකික කතෝලිකයන් සහ පෝලත්තය, මුරුසිය, අප්‍රිකානු රටවල සහෝදර සහෝදරියන් සහභාගි වූහ. මේ සියලුම දෙනා පෙරහරකින් ප්‍රධාන දේවස්ථානය වන සාන්ත ආගතා දේවස්ථානයට ගමන් කළ අතර, දිව්‍ය පූජාවේ පඬුරු පෙරහැර අලංකාරවත් නර්තනයකින් හැඩගැන්විණ.   

 


මෙම අවස්ථාවට විවිධ රටවල් නි​යෝජනය කරමින් පියතුමන්ලා සහභාගි වූහ.  

 


මේ එහි අවස්ථා කිහිපයකි.  

 

 

 

කාන්ති රතුගම,  කතානියා,   ඡායාරූප Paolo Campisi