කතානියා සදාසරණ මාතා දහම් පාසලේ වර්ෂ අවසාන නත්නල් විවිධ ප්‍රසංගය දා


 

 

කතානියා සිංහල, කතෝලික දේවස්ථානයේ, ‘‘සදාසරණ මාතා’’ දහම් පාසලේ වර්ෂ අවසාන නත්තල් විවිධ ප්‍රසංගය ‘සාමය ප්‍රීතිය සැම හදවත් තුළ ජනිත කරමු’ යන මැයෙන් දෙසැම්බර් 15 වැනි ඉරිදා පවත්වනු ලැබීය. වසර 11 ක් තිස්සේ ආ දිගු ගමනක ප්‍රතිඵලයක් ලෙස අද වෙනවිට කතානියා කතෝලික  දහම් පාසලේ දහම හදාරණ සිංහල දූදරුවන්ගේ ගණන 100 ඉක්මවයි. පෙරපාසලේ සිට අභිවෘද්ධි ආලේපය දක්වා පන්ති පැවැත්වෙන අතර වර්තමානයේ දහම් ගුරුවරියන් 10 දෙනකු​ගේ ස්වේච්ඡා ඉගැන්වීමෙන් මෙම දහම් පාසල පරිපූර්ණය.  


මෙවර නත්තල් විවිධ ප්‍රසංගය සඳහා අාරාධිත අමුත්තන් ලෙස, කතානියා බෞද්ධ විහාරයේ ගරුතර ධම්ම කුසල ස්වාමීන් වහන්සේද, කතානියා අධ්‍යාත්මික පියතුමා වන ගරු මයිකල් කැනීෂියුස් පියතුමාද, කොට්ඨාස නායකයන්ද සහභාගි වූහ.  


මේ එහි අවස්ථා කිහිපයකි.  


අවසාන වශයෙන් ‘ඉරිදා ලංකාදී’ කර්තෘ මණ්ඩලයට සහ ලෝවාසී ඔබ සැමටම සුභම සුභ නත්තලක් සහ ලබන්නාවූ නව වසර සාමයෙන්, සමාදානයෙන් පිරි වසරක් වේවා යි පැතුම් ගෙන එමි.  


කාන්ති රතුගම කතානියා