කතානියා කිතුණු සංඝයේ වාර්ෂික දේව මාතාවන්ට තුති පිදීමේ මංගල්‍යය


 

 

මැයි මාසය දේව මාතාවන්ට කැප කර ඇති මාසයයි. මේ මාසය පුරාවටම දේව මාතාවන් ගෙයින් ගෙට වැඩමවා යාච්ඤා අභ්‍යාස සිදු කරනු ලැබේ. අප කතානියා කිතුණු සංඝයේ ද එලෙසින් යාච්ඤා මෙහෙයවල් පවත්වා මාසය අවසානයේ මහා මංගල්‍යය පවත්වනු ලැබීය.  


කතානියා සංඝයේ නව ආරම්භයක් සනිටුහන් කරමින්, මෙවර මහා මංගල්‍යය සිදු කරනු ලැබුවේ, මෙයට වසර ගණනාවකට පෙර සෙල්ලම් කරමින් සිටි පුංචි දරුවකුට දේව මාතාවන් දර්ශනය වූ, කතානියා නගරයට මදක් ඈතින් පිහිටි බෙල්පාස්සෝ නම් පුද බිමේදීය. කතානියා අධ්‍යාත්මික පියතුමා වන ගරු මයිකල් කැනීෂියුස් පියතුමා ප්‍රධාන දිව්‍ය පූජාව පැවැත්වූ අතර, පියතුමා ප්‍රමුඛ දේවස්ථාන සේවක මණ්ඩලය මගින් මෙම මංගල්‍යය සංවිධානය කරනු ලැබීය.  


දේවස්ථාන තූර්යවාදක කණ්ඩායම සහ දහම් පාසල් දරුවන්ගේ නර්ථනයෙන් ද මෙම පෙරහර වර්ණවත් විය.   

 


මේ එහි අවස්ථා කිහිපයකි.  
කාන්ති රතුගමගේ  
කතානියා 
ඡායාරූප - ජානක ප්‍රගීත්