කතානියා කතෝලික ජනතාව මියගිය අය සිහිකර දානය දුන් දා...


 

නොවැම්බර් මාසය කතෝලිකයන් විසින් මළවුන්ගේ මාසය ලෙසින් හඳුන්වයි. මෙම මාසය තුළදී මෙලොවින් වෙන් වී ගිය අයගේ ආත්ම වලට සැනසීම පතා ද‌ාන මාන දීම වැඩියෙන් සිදුකරනු ලබයි. ඉතාලියේ කතානියා නගරයේ ජීවත්වන කතෝලික ජනතාව විසින් ද මේ මස පළමු වන දින කතානියා නගරයේදී එම කර්තව්‍යය සිදුකළේය.  


 කතානියා අධ්‍යාත්මික පියතුමා වන ගරු මයිකල් කැනීෂියුස් පියතුමාගේ සහ දේවස්ථාන ද‌ායක මණ්ඩලයේ ප්‍රමුඛත්වයෙන් සංවිධානය කළ එම පුණ්‍ය කටයුත්තට කතානියා වෙසෙන ජනතාවගේ උපරිම සහයෝගය ලැබුණු අතර ද‌ානය අනුභව කිරීම සඳහා 600ක පමණ ජනතාවක් පැමිණියහ.  


 එම අවස්ථාවට සහයෝගය දැක්වූ සියළුම දෙනාට සහ ජලය, පලතුරු, ප්ලාස්ටික් පිඟන්, කෝප්ප, අත් පිස්නා, ආහාර ලබා දුන් සියළුම දෙනාට ද, එම අවස්ථාවේ සහයෝගය ලබා දුන් දේවස්ථාන තරුණ කැළට සහ නන් අයුරින් සහයෝගය දුන් සැමට ද ද‌ානය අනුභව කිරීමට පැමිණි සැමට ද, දේවස්ථාන ද‌ායක මණ්ඩලයේ ස්තූතිය පළකර සිටී.  

 


කාන්ති රතුගම,  කතානියා.