එක්සත්පුර ප්‍රේමාගේ “කවි මල් යාය” රෝමයේදී පිපෙයි


ඉරිදා ලංකාදීප පුවත්පතේ සයුරෙන් එතෙර පිටුව කියවන පාඨකයන්ට අමුත්තියක නොවන, රෝමයේ පදිංචි එක්සත්පුර ප්‍රේමා හෙවත් ප්‍රේමා කංකානම්ගේ විසින් කාලයක් තිස්සේ විවිධ පුවත්පත් සඟරාවලට සපයන ලද කාව්‍ය නිර්මාණ එකතුවක් “කවි මල් යාය” නමින් කර්තෘ ප‍්‍රකාශනයක් ලෙස, මාර්තු මස එකොළොස් වැනිදා රෝමයේ ලබ්රෙන්තීනා ශාලාවේදී දොරට වඩින ලදී. 


රෝමයේ ශාක්‍යමුණි විහාරාධිපති පණ්ඩිත කටුවන සිද්ධර්ත හිමියන්ගේ ආගමික වතාවත් මැද ආරම්භ වූ මෙම උත්සවය, විද්වත් දේශන, නර්තන, ගී ගායනා හා කවි සංවාදවලින් අලංකාර විය. 


ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව පැවැත්වුණු මෙම උත්සවයට ඉතාලියේ දුරබැහැර ප‍්‍රදේශවල සිට පැමිණි කාව්‍ය රසිකයෝ මෙන් ම කවිකිවිඳියෝ ද 


ප්‍රේමා කිවිඳියගේ හිතවතුන් විශාල පිරිසක් ද සහභාගී වී සිටියහ. 


උත්සවයේ අවස්ථාවන් කීපයක් ඡායාරූපවලින් දැක්වේ. 

 

 

 

 

 


රසිකලා - රෝමය.