උතුම් දුරුතු පොහොය සයිප්‍රස් ශ්‍රී ලංකාරාමය සැමරූ අයුරු


 

2019 නව වසරේ ප්‍රථම පුර පසළොස්වක පොහෝය එනම් දුරුතු පොහොයයි. බෞද්ධ ඉතිහාසයෙහි විශේෂ සිදුවීම් රාශියක් සිදුවූ බව සඳහන් වේ. ඉන් සම්බුදු පියාණන් වහන්සේ ගේ බුද්ධත්වයෙන් මාස 9කට පසු ලංකාදීපයට ප්‍රථම වරට වැඩම කිරීම ද ශාසනයට ප්‍රථම ආරාම පූජාව වන වේලුවනාරාමය බිම්බිසාර රජතුමා විසින් පූජා කිරීම සුවිශේෂී සිදුවීම ලෙස හැඳින්විය හැක.


මෙම උතුම් වු පොහෝය නිමිති කොට ගනිමින් සයිප්‍රසයේ ශ්‍රීලංකාරාම විහාරයට අනුබද්ධිත නිකෝසියා සදහම් සෙවනෙහි 2019-1-20 ඉරු දින ආමිස හා ප්‍රතිපත්ති පුජාවන්ට මුල්තැන දෙමින් සීල, භාවනා හා ධර්ම දේශනා වැඩ සටහන් මාලාවක් පැවැත් වින.


ඉරිදා දිනයම පොහොය දිනය වූ බැවින් ද මෙහි සේවයෙහි නියුතු අයට හා අප ශ්‍රී ලාංකික අයටද නිවාඩු දිනයක් බැවින් ද වැඩි පිරිසක් පෙහෙවස් සමාදන් වුහ.


විහාරාධිපති අති පුජ්‍ය මොරවක සෝරත නායක ස්වාමීන් වහන්සේ විසින් එදින දවස පුරාම භාවනා හා ධර්ම දේශනා පවත්වන ලදී.

 


විමලා යාපා - සයිප්‍රස් සිට