ඉතාලියේ නොවාරා නගරයේ කිතුණු සංඝයේ වර්ෂ පූර්ණ සංවත්සරය හා දේව මාතා මංගල්‍යය


 

මැයි මාසය කතෝලික බැතිමතුන් ජේසුගේ අම්මා වන මරිය තුමියට කැපකළ මාසයක් වන අතර එතුමිය වෙනුවෙන් එතුමියගේ ප්‍රතිමාව නිවසින් නිවසට වැඩම කර නුවාන පවත්වා ඊට සමගාමීව ඉතාලියේ නොවාරා නගරයේ කිතුණු සංඝයට වසරක් පිරීම සනිටුහන් කරමින් බොදු කිතුණු එකමුතුවෙන් දිව්‍ය පූජා යාගයක් 2019.06.15 දින ගරු දොන් නාතලේ ගරු දොන් ෆ්රන්කෝ (FR, DON NATALE, FR, DON FRANCO) ගරු ක්ලෝඩ් මාර්ටිනස් පියතුමන්ලාගේ ප්‍රධානත්වයෙන් නොවරාහි ශු. ගවුදෙන්සියෝ (SAN GAUDENZIO) දෙව් මැදුරේදී සිදු කරන ලදී. 


මෙහිදී මිලානෝහි ගරු ක්ලෝඩ් මාර්ටිනස් පියතුමන් ඉතාලියෙහි දේව සේවය අවසන්කර නැවත ශ්‍රී ලංකාවට යන එතුමන් වෙනුවෙන් කළ සේවයට විශේෂ ස්තුතියක් හා අගය කිරීමක් සිදුකරනු ලැබූ අතර නොවරා බෞද්ධ සංඝය නියෝජනය කළ සුනිල් ජයවීර මහතාටද මෙම උත්සවය සාර්ථක කරගැනීමට නන් අයුරින් සහය දුන් සියලුම ශ්‍රී ලාංකිකයන් හට කිතුණු සංඝයේ සංවිධායක සිල්වෙස්ටර් කැනිසියුස් මහතා විශේෂ ස්තුතියක් පුද කර සිටී.

 


ක්‍රිශාන්ත පෙරේරා 
නොවරා, ඉතාලිය