ඉතාලි ආරක්ෂක හමුදාවන්ට පාප්තුමා ගෞරවාචාර කරයි


 

සෑම වසරකම නත්තල් දිනවල වතිකානය සංචාරකයන්ගෙන් පිරී ඉතිරී යයි. නත්තල් දින වතිකානයේ ශාන්ත පීතර චතුරශ්‍රයේදී පාප් තුමන් විසින් පවත්වන්නට යෙදෙන නත්තල් මහා දේවමෙහෙයට සහභාගs වීම සඳහා බැතිමතුන් වතිකානයට ඇදී එන්නේ ලක්ෂ ගණනින් ය. ජනවාරි පළමුවැනිදා දේව මෙහෙයට මෙන් ම, ජනවාරි මස හත්වැනිදා වතිකානයේ මහත් හරසරින් පවත්වන්නට යෙදෙන රජතුන්කට්ටුවේ මංගල්‍යයට ද එසේ ම ය.

   
මේ උත්සව සමය තුළ වතිකානයට ලක්ෂ ගණනින් ඇදී එන බැතිමතුන්ගේ සහ සංචාරකයන්ගේ ආරක්ෂාව සහ සේවය සඳහා ඉතාලි ආරක්ෂක අංශ රතුකුරුසය සහ වෙනත් සේවාවන් රාශියක සාමාජිකයෝ වතිකානය තුළ මෙන්ම ඒ අවට ද සීරුවෙන් සිටිති. මෙම පිරිසට නත්තලක් අලුත් අවුරුද්දක් නැත. ඒ දිනවල ඔවුන් තම සේවයේ ය.   
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමෝ සෑම වසරකම නත්තල් තදබදයට පෙර, උක්ත පිරිසට තම කෘතඥතාව ප්‍රකාශ කිරීමට මෙන් ම නත්තල් සුබ ප්‍රාර්ථනා කිරීමට ද තෝරාගෙන ඇත්තේ නත්තල් දිනට පෙර එන සෙනසුරාදා ය.   


මෙම ඡායාරූපයෙන් දැක්වෙන්නේ ප්‍රංශයේ කහ ජැකට් විප්ලවකාරයෝ වතිකානය ආක්‍රමණය කළ අවස්ථාවක් නොවේ. පාප්තුමාගේ ආරාධනය පරිදි දෙසැම්බර් මස විසිදෙවැනි සෙනසුරාදා එතුමන් හමුවීම සඳහා වතිකානයට ඇතුළුවීමට පෙළ ගැසී සිටි තිස්දහසකට අධික ඉතාලි ආරක්ෂක හමුදා, රතුකුරුස, ගිනි නිවන හමුදා සහ වෙනත් සේවාවන්වල සාමාජිකයෝ පිරිසකි.   

 


ගැස්කොන් ලාසරස්.   
රෝමය, ඉතාලිය.