ආර්යාවෙනි ඔබේ මිත්තනියටද 1954 සීගිරියේදී මෙයම සිදුවිය


 

මේ ඇතුළු වෙන්නේ පල්ලියකට ය. ඇය අඩ නිරුවතින් පල්ලි ගියා නොවේ. මෙය සිදුකළේ නොදැහැමි සුළඟය.   


මහා බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ කනිටු පුත් ඇන්ඩෲ කුමරුගේ දෙටු දියණිය එව්ජින් කුමරිය පසුගිය දා විවාහ වූවාය. ඇගේ අත ගත්​ෙත් එංගලන්තයේ සුප්‍රසිද්ධ මධ්‍යසාර සමාගමක කළමනාකාර අධ්‍යක්ෂකවරයකු වන ජැක් බෘක්ස්බෑන්ක් ය. මෙම රාජකීය විවාහ මංගල්‍ය සඳහා රාජකීයයෝ අැතුළු ප්‍රභූවරු විශාල පිරිසක් සහභාගී වූහ.   


ලුයිස් පිලිප්ස් ආර්යාව තම වල්ලභයා සහ දරු තිදෙනා සමග විවාහ මංගල්‍ය දිව්‍ය පූජාවට සහභාගීවීමට දේවස්ථානයට ඇතුළුවෙමින් සිටියදී හමා ආ සුළඟක් ඇය අඩනිරුවත් කළ මොහොතේ ඡායාරූප ශිල්පියෙකු නිසි වේලාවට තම කැමරාව ක්‍රියාත්මක කර අැත. මේ එම ඡායාරූපයයි.   


ශ්‍රීමත් ජෝන් කොතලාවල අගමැති ධුරය දරන කාලයේ එළිසබෙත් මහ රැජින තම වල්ලභයා සමගින් නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට සැපත් වූවාය. එවර ඇය සීගිරිය දැකබලා ගැනීමට ද අමතක නොකළාය. ජෝන් කොතලාවල අගමැතිතුමා සහ එළිසබෙත් රැජින 1954 අප්‍රේල් මස දහසය වැනි දා සීගිරි කන්ද තරණය කරමින් සිටියදී හම​ා ආ සුළඟකින් රැජින හැඳ සිටි වස්ත්‍රය එසවී ගියේය. ඒ මොහොතේ අපේ අග්‍රාමාත්‍යවරයා තමන් පසුපස පැමිණි පුවත්පත් ඡායාරූප ශිල්පීන්ට​ ‘‘ගහපං යකෝ ගහපං’’ යයි මොරදුන් කතාවක් ප්‍රචලිතය. එහෙත් අගමැතිතුමාගේ මොරදීම මිස අපේ ඡායාරූප ශිල්පීන් එදා නිසි වේලාවට ක්‍රියත්මක වූ බවට සාක්ෂි නැත.   

 


ගැස්කොන් ලාසරස්
රෝමය, ඉතාලිය