අම්මා


ගියොත් කොයි කොහේ හෝ  
මළ ගෙදරකට  
දන්න - අඳුනන  
නාන්නාඳුනන සෙනඟ අතරින්  
හදිසියේ මෙන්  
ඇවිත් අම්මා මගේ ළඟටම  
මගේ දුක විමසයි  
අතින් අල්ලා  
වාඩිකර කොණක පොඩි පුටුවක  
ලොව කොයි කවුරුවත්  
නොබලන  
දයාබර බැල්මෙන්  
මගෙ දෙනෙත් තුළටම එබී  
ඉතින් දරු පැටවු ටික  
හොඳින් දැයි විමසයි  
ඈත ඉස්සර දවසක  
මියෙන්නට දවස් අටකට පෙර  
කතා කරද්දී දුරකථනයෙන්  
කිව්වේ නැතත්  
යළි හමුවෙනා තැනක්  
ගියොත් කොයි කොහේ හෝ  
මළ ගෙදරකට  
දන්න - අඳුනන  
නන්නාඳුනන සෙනඟ අතරින්  
හදිසියේ මෙන්  
ඇවිත් අම්මා මගේ ළඟටම  
මගේ දුක විමසයි.  

 

 


ජයන්ත රත්නසිරි ගලප්පත්තිගේ  
ඕස්ට්‍රේලියාව