අක්කෙ ඉතින් කවදාද බඳින්නේ


සෙනසුරුද කතාවෙයි
මග හැර යන්නට  
ගෙන නුඹෙ කඳුළැල්  
සිකුරුට දෙන්නට  
අක්කෙ ඉතින් කවදා ද බඳින්නේ  
කැඩපත ඇකිලෙයි  
ළඟ නුඹ එද්දී  
රැලි දැකලා සිසිවුවනෙ දෙපැත්තේ  
අතැඟිලි දිව යයි  
කියඹුවැල් දිගේ  
බිය වී හැංගෙන නර කෙස් සොය සොයා  
අක්කෙ ඉතින් කවදා ද බඳින්නේ  
බෝ මුල් ලියලයි  
දළුලයි විගසින්  
ලැබ නුඹෙ දෝතින් පැදකුණු කළ පැන්  
මලක් පිපේ දැයි  
සුවඳින් පෙම්බර  
බලන් ඉඳියි නුඹෙ නෙත් බෝපත් දෙස  
අක්කෙ ඉතින් කවදා ද බඳින්නේ  

 


ජයන්ත රත්නසිරි ගලප්පත්තිගේ  
ඕස්ට්‍රේලියා.