කොටින්ගේ මාරාන්තික පරාජය


රණවිරු ගායේ පැරැණි කතා

04 වැනි කොටස

 

මුතූර් ප්‍රදේශයේ ජනාකීර්ණ ස්ථානයකට කොටින් විසින් කාලතුවක්කු යොදාගෙන එල්ල කළ ප්‍රහාරයකින් මුස්ලිම් වැසියෝ දහහත් දෙනෙක් මරණයට පත්වූහ. එසේම තවත් හැටකට වැඩි පිරිසක් බරපතළ තුවාල ලැබූහ. මෙයින් ඇරඹුණු මහ සටන මුතූර්, වාකරේ තොප්පිගල ආදී ප්‍රදේශ ගණනාවක් අල්ලා ගැනීමට රජයේ හමුදාවෝ සමත් වූහ. මෙම ජයග්‍රහණයන් වළක්වා ගැනීම පිණිස කොටි උතුරේ පහරදීම් වේගවත් කළහ. ඔවුන් එයින් බලාපොරොත්තු වූවේ නැගෙනහිර මෙහෙයුම් නවත්වා යුද්ධයේ සියලු බර උතුරට යොමු කරවා ගැනීමය. එහෙත් රජය එම උපක්‍රමවලට හසු නොවෙමින් දුරදක්නා නුවණින් යුතුව සහ විධිමත් සැලසුම් මත නැගෙනහිර සහ උතුර යන පෙරමුණු දෙකේම යුද්ධය මෙහෙයවූවේ රණවිරු සෙබළ මුළුවල දැඩි ඇපකැපවීම මතය.


මේ අතර ඔක්තෝබර් 16 වැනිදා හමුදා පිරිස් මාරුවන දඹුල්ලේ දිගම්පතන බොරළුවළ නමැති තැන පිහිටා තිබූ හමුදා කඳවුරටය. ට්‍රක් රථයක සවිකළ විශාල බලයක් සහිත කැන්ටර් ට්‍රක් රථයක් උපයෝගී කරගෙන සිදුකළ මෙම පිපිරවීම නිසා ආරක්ෂක හමුදා සාමාජිකයෝ 116 දෙනෙක් මරුමුවට පත්වූහ. තුවාල ලැබූ සංඛ්‍යාවකි. ගතවූයේ ටික දිනකි. 2006 දෙසැම්බර් පළමුවැනි දින ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ගමන් කළ රථය ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන මහා ප්‍රහාරයක් එල්ල කිරීමට කොටි සමත් වූහ. රාජපක්ෂ මහතා ගමන් ගත් රථපෙළ මැදට ප්‍රබල බෝම්බ අටවන ලද ත්‍රීරෝද රථයක් කඩා වැදුණේ කොළඹ නගර මධ්‍යයේ පිහිටි ධර්මපාල මාවත කෙළවර පිත්තල හන්දියේය. වෙඩි නොවදින රථයක ගමන් කරමින් සිටි රාජපක්ෂ මහතාට හානියක් කිරීමට කොටින්ට අවස්ථාවක් නොලැබුණි. විස්මය ජනක ලෙස ආරක්ෂක ලේකම්වරයාගේ ජීවිතය බේරී තිබුණු නමුදු ආරක්ෂක භටයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් විය. තවත් කීප දෙනෙක් බරපතළ තුවාල ලැබූහ.


මුහමාලේ ආරක්ෂක වළල්ලට බරපතළ ප්‍රහාරයක් එල්ල කරමින් කොටි හපුවෝ උතුරු පළාතේ ද යුද පෙරමුණක් නිර්මාණය කර ගත්හ. ඒ නිසා නැගෙනහිර ගම්බිම් නිදහස් කර ගනිමින් හමුදාවෝ ඉදිරියට ගමන් කළ උතුරේ හමුදාවෝ ද සතුරා විනාශ කරමින් සහ ඔවුනට යළි නැගිටීමට ඉඩ නොතබමින් පෙරටම පැමිණියහ. නැගෙනහිර පළාතේ අවසන් කොටි බළකඳවුර වශයෙන් පැවතියේ අම්පාර දිස්ත්‍රික්කයේ කංජිකුඩිච්චිආරු ප්‍රදේශයයි. එය අල්ලා ගැනීමෙන් ආරක්ෂක හමුදාවෝ නැගෙනහිර කොටි බලය සම්පූර්ණයෙන්ම වනසා දැමූහ. එම පළාත් සම්පූර්ණයෙන්ම නිදහස් විය. ඉන්පසු හමුදාවෝ ප්‍රහාරක බලය සෘජුවම උතුරට යොමු විය.


මේ වන විට කොටි සංවිධානයේ මූලස්ථානය බවට පත්ව තිබුණේ කිලිනොච්චියයි. එම ප්‍රදේශය අල්ලා ගැනීම රජයේත් ආරක්ෂක හමුදාවන්ගේත් ඒකායන අරමුණ වූවේය. “කිලිනොච්චිය අත්පත් කරගැනීම යනු මහින්ද රාජපක්ෂගේ දවල් හීනයක් පමණක් යැයි ප්‍රභාකරන් මාධ්‍ය මගින් ප්‍රකාශ කළේය. එහෙත් ධෛර්ය සම්පන්නව ජීවිත පරිත්‍යාගයෙන් පෙරට ගිය රණවිරුවන්ගේ වීර වික්‍රමාන්විත මෙහෙයුම් නිසා කිලිනොච්චිය ඉක්මනින්ම අල්ලා ගැනීමට ආරක්ෂක හමුදාවෝ සමත් වූහ.


ප්‍රථමයෙන්ම උතුරුකරයේ මෙහෙයුම් ඇරඹුණේ සිලාවතුර කොටි කඳවුරට එල්ල වූ ප්‍රහාරයෙනි. එවකට ඉතා ප්‍රබල කොටි මධ්‍යස්ථානයක් වූ මෙහි සිට එල්ල කළ ප්‍රහාර ආරක්ෂක හමුදාවන්ට බලවත් තර්ජනයක්ව පැවතුණි. 2007 සැප්තැම්බර් 01 වැනිදා හිටිහැටියේම දැඩි ප්‍රහාරයක් එල්ල කළ විශේෂ කාර්ය බළකා සෙබළු එම කොටි කඳවුරට දැඩි පහර දීමක් සිදු කළහ. එයට ප්‍රතිප්‍රහාර දීමට ඉදිරිපත් නොවූ ත්‍රස්තවාදීහු පසුබැස පලා ගියහ. දින දෙකකින්ම සිලාවතුර පෙදෙස හමුදා අණසකට යටත් විය. එම සතියේම වව්නියාවෙන් ගමන් ඇරඹූ ආරක්ෂක සේනාවේ මන්නාරම දිස්ත්‍රික්කයේ ඉතාම සරුසර පෙදෙසක් වූ “සහල් නැලිය” කොටස අල්ලා ගත්හ. ඉන්පසු උලියන්කුලම්, මඩු දේවස්ථාන ප්‍රදේශය සම්පතායි. සින්න තණ්ඩවිරච්චාන්, පෙfරිය තණ්ඩෙ විරච්චාන් ආදී ප්‍රදේශ කොටින්ගෙන් නිදහස් කර ගත්හ. ත්‍රස්ත ක්‍රියා සඳහා නාවික බලය යොදා ගැනීමට කේන්ද්‍ර ගතව තිබූ වඩිතලතිවු මුහුදු කොටි කඳවුර විනාශ කළ හමුදාවෝ එම පෙදෙස ද නිදහස් කර ගත්හ. මෙය හඳුන්වන ලද්දේ වන්නි මෙහෙයුම නමිනි. දිගට හරහට කොටි බලය සුනුවිසුනු කරමින් ධෛර්යෙන් ඔද වැඩී පෙරටම ගිය ආරක්ෂක සේනාවෝ තුනුකායි, මල්ලාවි යන නගර අත්පත් කරගත්හ. මාතෘ භූමිය  මුළුමනින්ම නිදහස් කරගන්නා තුරු සටන් කරන බවට සපථ කළ රණවිරුවෝ ජයේදී මෙන්ම පරාජයේදී ද නොසැලී එකා පිට එකා මැරී වැටෙද්දීත් පෙරටම ගියහ. අධික වර්ෂාව මධ්‍යයේ ඝන වනාන්තර මැදින්, රුදුරු වන සතුන්, සතුරාගේ මර උගුල්, පමණක් නොව කාලතුවක්කු ප්‍රහාර ද දරා ගනිමින් දින සති මාස ගණනින් නොව වසර දෙක තුනක් යුදබිමේ දිවි ගෙවන්ට මෙම වීරෝධාර රණවිරුවන්ට සිදු විය.

 

මතු සම්බන්ධයි.

 

සෝමසිරි වික්‍රමසිංහ
ඡායාරූපය අන්තර්ජාලයෙනි